ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. මෙම ඇමතිධුරයේ මිට පෙර කටයුතු කරනු ලැබුවේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතායි.
ඒ මහතා අද (11) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක් විය.
මේ අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ධූරයෙන් ඉවත්වීමට ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව පියංකර ජයරත්න මහතා තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ඇත.