saravita-anim2

2026 ජනවාරි මස 28 වන බදාදා

2026 ජනවාරි මස 28 වන බදාදා

Latest News - timelapse 6204 hours ago

LATEST

ෂී ජින්පිං ප්‍රංශය හා ජර්මනිය සමග හදිසියේ පැවැත්වූ හමුව

calendar_today 2022 මාර් 08 - 22:00 remove_red_eye - 451  

යුක්රේන අර්බුදයේ සෘණාත්මක බලපෑම අවම කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව පැවසූ චීන නායකයා, අදාළ සම්බාධක ගෝලීය මූල්‍ය, බලශක්තිය, ප්‍රවාහනය සහ සැපයුම් දාමවල ස්ථාවරත්වයට බලපාන බවත්, දැනටමත් වසංගතයෙන් විනාශ වී ඇති ගෝලීය ආර්ථිකය අඩාල කරන බවත් අවධාරණය කළේ මෙය කිසිවෙකුත් අපේක්ෂා කරන්නනක් නොවන බව පවසමිනි.

විදුලිය අත්‍යාවශ්‍යය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදීම අනිවාර්යයෙන් කළයුතු බවත්, ඒ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කොට, අද සිට විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළයුතු බවත්, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙයි.

Read More

බූස්ටරයට පෙර එන්නත් අසමානතාව වැළැක්වීම හෙවත් මූලික එන්නත් ලබාගැනීමට නොහැකි වූ අයට එන්නත් කිරීම සිදුකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සිටි මතය වෙනස් කරමින්, බූස්ටර් මාත්‍රාව ඉක්මනින් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

Read More

රටේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් හිඟයකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුසියානු RT පුවත් නාලිකාව ඇතුළු රුසියානු මාධ්‍ය ආයතන රැසක විකාශනයන් අන්තර්ජාලය තුළ මෙන්ම, බටහිර සමාජ මාධ්‍ය තුළි විකාශය අවහිර කිරීම හමුවේ විකල්ප වෙත යොමුවීමට ඔවුන් කටයුතු කර ඇත.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) පළමු වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Read More

ඉන්ධන හිඟය හා විදුලිය කප්පාදුව නිසා මේ මස 22වැනිදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍යයන්හි පළ වන වාර්තා සාවද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මාස 6කට ආසන්න කාලයක් ඩොලරයක අගයක රුපියල් 200ක අගය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව විනිමය වෙළඳපොළට ඩොලර් බිලියන 1.5ක් පමණ යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 තෙක් වලංගු වෙයි.

Read More

තමා යුක්රේනයේ අගනුවර වන කියෙව්හි රැදී සිටින බවත් කාටවත් බයක් නොමැති බවත් යුක්රේන ජනපති සෙලේන්ස්කි පවසයි.

Read More

රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් රුපියල් 229.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වසර දෙකකට පසුව චීනයෙන් ඉහළම දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉරිදා දිනයේදී වාර්තා වී තිබේ. ඉරිදා දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 526කි. චින්ඩාවෝ , ෂැංහායි ඇතුළුන ජනාකීර්ණ අගනගර ඇතුළුව පළාත් හා මහ නගර සභා සීමා 14 ක පමණ මෙම රෝගීන් වාර්තා වී තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ජයන්ත සමරවීර මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරයි.

Read More

“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හමුවිය.

Read More

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකය ප්‍රතිව්‍යුහ ගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්තික ප්‍රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කරන සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මගින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට මෙම ආර්තික සභාව ස්ථාපිත කර තිබේ.

Read More

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තමන් කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121:1 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) නැමැති පනත්කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

අවස්ථා දෙකකදී කල් දැමුණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය නිල සංචාරය මාර්තු මැස මැද භාගයේදී සිදුකිරීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

මාතලේට දුම්රිය ධාවනය කිරීම මාස තුනකට පමණ කාලයකට අත්හිටුවීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

රුසියාවට එරෙහිව යුක්රේන යුද්ධයේදී දිවි පිදූ විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායකයන් අද (08දා) විශේෂ දේශපාලන තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.

Read More

සියළු පළාත් රාජ්‍ය ආයතන වල අවමය 20%ක් සහ උපරිමය 50%ක් වන සේ විදුලි බිල අඩු කිරීමට පියවර ගත යුතු බවද මෙම සාකච්ඡාවේදි මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබේ.

Read More

සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්යාලයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමන් කනගාටුවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.314ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

මේ වන විට ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන ඉලක්ක කරගනිමින් ආණ්ඩුවෙන් විශාල බලපෑම් එල්ලවෙමින් තිබෙන බවත්, රටේ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය අපේක්ෂා කරන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් සදහන් කළේය.

Read More

විටාලි ක්ලිට්ස්කෝ පවසන්නේ, අගනුවර බලධාරීන්ට ආයුධ සපයා ඇති භෞමික ආරක්ෂක ස්වෙච්ඡා බලඇණිවල පූර්ණ පාලනයක් මේ වනවිට නොමැති බවයි.

Read More

විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (08දා) දිනයේදීත් සමහර ප්‍රදේශවලට පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

රුසියානු-යුක්රේන සාකච්ඡාවල සිව්වැනි වටයක් බෙලාරුස් හිදී නුදුරේදීම පැවැත්වෙන බව රුසියානු නියෝජිත කණ්ඩායමේ සාමාජික ලියොනිඩ් ස්ලට්ස්කි තුන්වැනි වටයේ සාකච්ඡාවලින් පසුව පැවසීය.

Read More

මේ වන විට රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් රට නැවත වරක් සෞභාග්‍යය කරා ගෙනයාමේ හැකියාව සමගි ජන බලවේගය සතු බවත් ඒ සඳහා යම් යම් කැපකිරීම් කරන්නට සිදුවනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.