saravita-anim2

2026 ජනවාරි මස 28 වන බදාදා

2026 ජනවාරි මස 28 වන බදාදා

Latest News - timelapse 6196 hours ago

LATEST

ගෑස් මිල වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා - අමාත්‍ය ලසන්ත

calendar_today 2022 මාර් 10 - 18:14 remove_red_eye - 334  

ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙන බැවින් ඉදිරියේදී මෙරට තුල අනිවාර්යෙන් ගෑස් මිල වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

කුරියර් සේවාව මගින් කොළඹ සිට මහනුවරට හෙරොයින් මත්කුඩු රැගෙන ඒමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් හසුකරගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව සිටී.

Read More

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නිසිලෙස නොලැබීම නිසා හෙට (11දා) දිනයේදීත්, විදුලි කප්පාදු කිරීම සිදුකරණ බව විදුලි බලමණ්ඩලය සදහන් කරයි.

Read More

පොල්ගහවෙල හා වලකුඹුර දුම්රිය ස්ථාන අතර මැද්දලන්ද ප්‍රදේශයේ දී මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (10දා) පීලි පැනීමට ලක්ව ඇත. එම පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොට 400කට පමණ හානි සිදුවී ඇති අතර කොළඹ කොටුව දෙසට ඇති දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදු වී ඇති බව ද වාර්තා වේ.

Read More

පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1,000ක් එකතු කිරීමේ මූලික පියවර මෙම වසරේ ගන්නා බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

Read More

ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද (10දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

Read More

මෙරට විදුලි අර්බුදයත් සමග විදුලි බිල සියයට පනහකින් ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් වී තිබෙන බවත් ඒකක 60 අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල ඉහළ දැමීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

සමගි ජන බලවේල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදු වුණු සිදුවීම තමා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස තම පොලීසියට උපදෙස් ලබා දුන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.

Read More

විදුලිබල මණ්ඩලයේ අර්බුද සඳහා ප්‍රධාන හේතුව වී තිබෙනුයේ ආණ්ඩු විසින් ගනු ලබන තීරණ විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක නොකිරීම බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කළ යුතු බවත් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

බෙන්තොට පාරාදීස දූපතේ සංචාරක හෝටලයක නිවාඩුවක් ගත කිරීමට රුසියාවේ සිට සති දෙකකට මෙරටට පැමිණ සිටි රුසියන් ජාතිකයෙකු එම හෝටලය ඉදිරිපිට මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බව බෙන්තොට පොලිසිය පවසයි.

Read More

මේ අතර ඉන්ධන නොමැති වීමෙන් උතුරේ බොහෝ ඉන්ධනහල් ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී සිටින අතරම ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි මාතලේ - අඹන්ගගකෝළේ ප්‍රාදේශිය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට සභාපති එන්.යෝගරාජ් මහතා (ශ්‍රී ලං පො ජ පෙ) විසින් පියවර ගෙන තිබේ

Read More

මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක ඊයේ (09දා) සිදු වූ පිපිරීමටකට හසුවු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

Read More

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

මෙරට තිබෙන ආර්ථක ප්‍රශ්නය විදේශ රටකින් ඩොලර් මිලියන 200 හෝ 300ක් හිඟාකමින් විසඳා ගත නොහැකි බව ආණ්ඩු තේරුම්ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ අද(10දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ඩොලරයේ අගය රුපියල් 260 දක්වා ඉහල ගොස් තිබේ.

Read More

සූරියවැව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (10දා) අළුයම අනතුරට ලක්වීමෙන් මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

Read More

කිරිවදින අක්කර දෙකහමාරක අති සාර්ථක වී වගාවක් සමසමස්ත ගොවි පරපුරට පිංන් අනුමෝදන් කිරීම සඳහා කිරි එළදෙනුන් ට දන්දීමේ අපූරු පුවතක් ගලේවෙල දේවහුවකොස්ගගහින්න ප්‍රෙද්ශයෙන් අද (10දා) වාර්තා විය.

Read More

මේ වනවිට රට තුල නිර්මාණය වී ඇති ඖෂධ හිඟය හේතුවෙන් ඔසුසල් සහ රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීමේදි ඇතැම් ඖෂධ නොමැති බවට ප්‍රකාශ කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් මේ සම්බන්ධව අවධානය යොමුකරන්නැයි ඉල්ලා වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

නිව්ඩාව-සිට පානදුර දක්වා ධාවනය වන ලංගම බස් රථයට අරුක්ගොඩ කිරිබේරිය ප්‍රදේශයේදී යතුරුපැදියෙන් මග හරස් කර එහි රියදුරුට ආරක්ෂක හිස්වැස්ම කින් සහ අතින් පයින් පහර දුන් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි.

Read More

පුත්තලම හා ආණමඩුව ඇතුළු ප්‍රදේශ රැසකට අද(10දා) උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිව තිබු ආකාරය දැක ගත හැකි විය. මෙම මීදුම් තත්වය මත පරිස්සමේන් රථ වාහන ධාවනය සිදුකල බව රියදුරන් පවසති. මීදුම් තත්වය මධ්‍යම රාත්‍රියේ සිට උදෑසන 7.30 පසුවනතුරුත් පැවති ආකාරය දැක ගත හැකි විය.

Read More

හිටපු ජනපති මූන් ජේ-ඉන්ගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා පැවති තරගයේදී, එරට පාලක පක්ෂයේ අපේක්ෂක ලී ජේ-මියුන් පරාජය කරමින් කොන්සර්වේටිව් දේශපාලඥ යූන් සුක්-යෙඕල් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආරම්භ කළ දින සිට මේ දක්වා කාළය තුළ එම ගුවන් තොටුපළ වෙත පළමු වරට ස්ථිර කාළසටහනකට ( Schedule Flights ) අනුව පැමිණෙන ගුවන් සේවය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ’’ විස් එයා ’’ (Wiss Air ) ගුවන් සේවයේ ගුවන් යානා එළඹෙන ජූනි මස 01 දින සිට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන් සේවා, අපනයන ප්‍රවර්ධන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.

Read More

ඇමෙරිකාව විසින් වර්ජනය කළ රුසියානු තෙල් නිසා ඉහළ යන ඉන්ධන මිල පාලනයට සෞදියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙස ජෝ බයිඩන් කළ ඉල්ලීම් එම රාජ්‍යයන් දෙකේම කුමාරවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

කොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක් ස්ථාපිත කිරිමට යයි. ඊට අදාළ මූලික කටයුතු අවසන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එම ජලජ ගුවන් තොටුපළ ස්ථාපිත කෙරෙන බව ද ඇමතිවරයා කියා සිටි.

Read More

’’මෙම ඓතිහාසික ප්‍රයත්නයට ගිය සෑම නව්‍ය මොහොතකටම, සෑම පිස්සු සිහිනයකටම, සෑම නිදි නැති රාත්‍රියකටම අපි කෘතඥ වෙනවා’’ ඩේවිඩ් බෙනට් ජූනියර් සිය පියාගේ අභාවයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ඒ වගේම විදුලබල අමාත්‍යාංශවලටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න අවශ්‍ය ඩීසල්, දැවි තෙල් අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන් වෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ තර්ජන තඹයකට මායිම් නොකරන චීනය, රුසියාව සමග වෙළෙඳාම් කරන චීන සමාගම් සහ පුද්ගලයින් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙයි.

Read More

දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය සහ ඇන්ටිජන් ප්‍රමාණය තවදුරටත් අඩුවෙමින් පවතින අතර, මේ අනුව මේවන විට දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය4,500ට අඩු අගයක් ගෙන තිබෙන අතර, ඇන්ටිජන් පරීක්‍ෂණ ප්‍රමාණය 2,000කට ආසන්න අගයක් ගෙනතිබේ.

Read More

රුසියානු නායකයා ඓතිහාසිකව වරදක් කළත්, එය නොතකා පූටින් සමග දිගටම සාකච්ඡා කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.