මත්පැන් නිෂ්පාදනය 22දා නැවතෙන කථාව බොරු
ඉන්ධන හිඟය හා විදුලිය කප්පාදුව නිසා මේ මස 22වැනිදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍යයන්හි පළ වන වාර්තා සාවද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින තත්ත්වය තුළ එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා ප්‍රමාණවත් පරිදි එතනෝල් නොලැබීමෙන් මේ මස 22වැනිදා සිට මත්පැන් නිෂ්පාදනය නතර වන බවට වාර්තා පළ වන බවද එම දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මෙම සාවද්‍ය වාර්තා හා ප්රවෘත්ති හේතු කොට ගෙන නීතිවිරෝධී ලෙස මත්පැන් රැස් කිරීමටත්, මත්පැන් නිෂ්පාදනාගාර හිමිකරුවන් අතර සදාචාර සම්පන්න නොවන අලෙවිකරණ උපාය මාර්ගයන් අනුගමනය කිරීමටත් අවකාශ ලැබෙන බවද එම නිවේදනය මගින් පෙන්වාදී තිබේ.
අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවයින තුළ ක්‍රියාත්මක වන බවත්, ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳ පොළ තුළින් ලබාගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවත් එමගින් සඳහන් කරයි.
popular news
-
Kumar Wednesday, 09 March 2022 02:33 AM
muthpan sulupramanyak biwwath molyata haani wenabawa lungdi kala addanayakin soyagen thibenawa. maydinawala amerikawe vodka kaanu damanne eh hethuwa nisa nove.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

