අවස්ථා දෙකකදී කල් දැමුණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය නිල සංචාරය මාර්තු මැස මැද භාගයේදී සිදුකිරීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර පැවැති දුරකතන සංවාදයකදී මේ බව තහවුරු වී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රශ්න සඳහා ඉන්දියාව හැකි සෑම ආකාරයෙන්ම උදව් කරන බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.