සජබ අරගලය 15 දා ඇරඹෙයි
මේ වන විට රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් රට නැවත වරක් සෞභාග්‍යය කරා ගෙනයාමේ හැකියාව සමගි ජන බලවේගය සතු බවත් ඒ සඳහා යම් යම් කැපකිරීම් කරන්නට සිදුවනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .
ඒ මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි උභය මහ විහාරිය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු ඊයේ (06) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ඒ බව අවධාරණය කරමින්මෙසේ පැවසීය .
“මේ රටේ ලක්ෂ 220 ක ජනතාව වත්මන් ආණ්ඩුව යටතේ අසීමිත පීඩනයකින් හා අසහනයකින් දිවිගෙවමින් සිටිනවා. ඔවුන්ගේ ජන දුක නිවන පොදු ජන අරගලය සමගි ජන බලවේගය විසින් මේ මස 15 වැනි දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා .
රටේ විරැකියාව වැඩි වී උද්ධමනය ඉහළ ගොස් ආර්ථිකය සෘණ අගයක් දක්වා පහත වැටී තිබෙනවා . නිවැරදි උපාය මාර්ග වෙත යොමු වීම ඔස්සේ මේ අර්බුද වලින් ගොඩ ඒමට හැකියාව තිබෙනවා . සමගි ජන බලවේගය රජයක් පිහිටුවීමෙන් පසු ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය හා මන්ත්‍රීවරු කැපකිරීම් සිදු කර රටට හා ජනතාවට ආදර්ශයක් ලබාදෙනවා.”
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

