විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තමන් කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළේය.
පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයන්වලදී මන්ත්‍රීවරුන් එම කොමිෂන් සභාවට කැඳවීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යරයා මෙහිදී කථා කළේය.
කොමිෂමට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දුන් දිනයට පැමිණීමට හැකියාවක් නැති බව තමන් නීතිඥයින් මාර්ගයෙන් කොමිෂමට දැනුම් දුන් බවද ඔහු පැවැසීය.
තමාට පාර්ලිමේන්තු කටයුතු වලට ප්‍රමුඛත්වය ලබාදිමට සිදුව ඇති බවත් අනෙකුත් මන්ත්‍රීවරුන්ද උවමනා අවස්ථාවලදී පමණක් කැඳවන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවැසීය.
එසේම පාර්ලිමේන්තුව රැස්වන දිනයන් පාර්ලිමේන්තු මහ ලේකම් මාර්ගයෙන් කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙසද ඔහු පැවැසීය.