රටේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් හිඟයකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එයට තාවකාලික පිළියමක් ලෙස රියදුරු බලපත්‍ර කාඩ්පත වෙනුවෙනට වසරක් සඳහා තාවකාලිකව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම දැනට නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වසරක වලංගු කාලයක් සහිත නව තාවකාලික රියදුරු බලපත්‍රයක් තැපැල් මගින් බලපත්රලාභියාට ලබාදෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.
මිට අමතරව 2022/04/01 සිට 2022/06/30 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර කල් ඉකුත් වන දිනයේ සිට මාස 6කින් දීර්ඝ කිරීමටත්, 2022/07/01 සිට 2022/09/30 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර කල් ඉකුත් වන දිනයේ සිට මාස 3කින් දීර්ඝ කිරීමටත් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.