දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු නතර නොකිරීමට සභාව තිරණය කළේය. ඒ නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අඛණ්ඩව සිදුකිරීමට සභාව තිරණය කිරිමත් සමගිනි.
ඡන්දය ප්‍රකාශ කිරිමේ කටයුතු පස්වරු 12.30ට පමණ අවසන් වූ අතර මේ වන විට ඡන්ද ගණන් කිරීමේ කටයුුත ආරම්භ කර තිබේ.
නියෝජ්‍ය කථානායකධුරය සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම රන්ජිත් සියඹලාපිටිය මහතාගේ නමත් සමගි ජන බලවේගය විසින් ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නමත් යෝජනා කර තිබේ.