ශ්‍රි ලංකාවට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. පෙට්‍රල් තොග නැවක් ඊයේද ශ්‍රි ලංකාවට පැමිණි බව ඔහු ප්‍රකාශ කළේය.
අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ නොරොච්චෝල බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් ඩිසල් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිව තිබෙන බවයි.
ඒ අනුව ප්‍රමාණවත් තරම් ඩිසල් තිබුණත් විදුලිය නිපදවීම වෙනුවෙන් වැඩිවශයෙන් ඩීසල් ලබාදිමට සිදුව ඇති බවයි. විදුලි කප්පාදුව පැය තුනයි විනාඩි විස්සක කාලයක් පවත්වා ගැනීම වෙනුවෙන් මෙසේ ඩිසල් නිකුත් කිරිමට සිදුවන බවද ඔහු පැවැසීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට ගත් තිරණය වැරැද්දක් බවද ඔහු ප්‍රකාශ කළේය.