ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ අද (04දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.
ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත් විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලව බව පැවසූ ඔහු එවැන්නක් භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කළ යුතු බව ද කියා සිටියේය.
එය කථානායකවරයා භාර ගන්නේ නම් න්‍යාය පුස්තකයට ඇතුළත් කර වැඩ කරන දින 05ක් ගතවන තුරු එය විවාද නොකළ යුතු බවත්, ඒ අතරතුර එය කියවා බැලීමට මන්ත්‍රීවරුන්ට ඉඩ ප්‍රස්තාව සැලසිය යුතු බවද සභානායකවරයා පැවසීය.