පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මඟින් පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් සඳහා පුහුණු වැඩමුළු ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කිරිමට සුදානම් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානයක මහතා මාතලේ දී පැවසීය.
මේ යටතේ පළාත් පාලන ආයතන වල සභා ක්‍රමවේදයන්, තින්දු හා තීරණ ගැන්වීම, ඵලදායිතාවය සංවර්ධනය කිරීම හා අභියෝග ජය ගැන්වීම අරමුණ කර ගැණුනි.
එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා කාන්තා නියෝජනය වැඩිකිරීම, කාන්තා අයිතිවාසිකම්, මානව හිමිකම් යන කරුණු පිළිබඳව ද එහිදී දැනුවත් කිරිමට මුලිකත්වය ගන්නා බව අමාත්‍යවරායා වැඩි දුරටත් පැවසීය.
අද වන විටජනතාව තුල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පිළිබඳ පැහැදිම අඩුවක් වෙලා.ඒ නිසා ජනතාවට වග කියන මන්ත්‍රිවරයෙක් වෙන්න ඕනෑ.ප්රශස්ත නායකයකු බිහි කරන්න අවශ්‍ය දැනුම ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කිරිමට මම බලාපොරොත්තු වෙනවා.ඒ තුලින් ජනතාවට ළගින් ඉන්න ගමේ නියෝජිතයා පුර්ණ වගකිව යුතු පුද්ගලයෙක් ලෙසත් නිරත්තරයෙන් ජනතාවගේ ගැටළු සොයා බලා විසඳුම් සැපයිය යුතු කෙනා ලෙසයි මම සළකන්නේ.
ඒ නිසාම සියළුම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට අවශ්‍ය පුහුණුව,දැනුම ලබා දීමට මම කටයුතු කරනවා.යි ඇමතිවරයා පැවසීය.