දළ ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය හා පොලී වෙනුවෙන් වෙන්කරන ලෝකයේ පළමු රට බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
මේ අනුව දළ ජාතික ආදායමෙන් සියයට 71.7ක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන්කරන බව ඔහු පැවැසීය. එසේම 2019 වසරේදී රුපියල් ට්‍රිලියන 14.15ක්වූ ණය ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 19.4ක් බවට පත්ව ඇති බව ඔහු පැවැසීය.