saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 5966 hours ago

LATEST

පාන් පෝලිමත් පෙනෙන මානයේ

calendar_today 2022 ජන 07 - 13:59 remove_red_eye - 1096  

ඉදිරියේදි විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට අයවැය සහන දීමනා පණතක් ගෙන එන ලෙස ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කම්කරු අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිති.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදි ඇති අපහසු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් ලෙසින් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා පවසයි.

Read More

මෙරට තුළින් දෛනිකව වාර්තා වන කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර, මෑත කාලය ආසන්න වන තෙක් දෛනිකව වාර්තා වූ රෝගීන් 500කට අඩු ප්‍රමාණය මේ වනවිට පන්සියය ඉක්මවා යමින් තිබේ.

Read More

පසුගිය දින 4 තුළ බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව 37646,40301,42436,28619ක් ලෙස සටහන් වෙයි.

Read More

’’කට නිසානේ ඔක්කොම නහින්නේ, ඒ් නිසා අපි කට පරිස්සම් කර ගෙන අපිට පවරණ රාජකාරිය හරියට කළොත් කිසි ප්‍රශ්නයක් නෑ. මම නම් වැඩ කරන්නේ නැති ඇමතිවරු හිටියොත් එවැනි තීන්දු ගන්නවා’’

Read More

එළිමහන් ප්‍රසංග සඳහා මේ වන තෙක් කිසිදු අවසරයක් ලබාදී නොමැති බැවින් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට පැමිණ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් ඒ පිළිබඳ ඉල්ලීම් නොකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More

කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක සිදූවූ තාක්ෂණික දෝෂය හේතුවෙන් අද දිනයේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍ර දේශවලට විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලය කියයි.

Read More

කොරෝන වෛරස අර්බුදයෙන් ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ආහාර මිල ඉහළ යාම උද්ධමනයේ පුළුල් වැඩිවීමකට දායක වී ඇති බවත්, මේ සමග ආනයන මත යැපෙන රටවල දුප්පත් ජනගහනය ඉහළ පිරිවැය හමුවේ අවදානමට ලක්වන බවටත් FAO අනතුරු අඟවා තිබුණි.

Read More

ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම අද (06දා දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මහනුවරදී හෙට ජනතා අයිතියට පත්කරන ව්‍යාපෘතිවල ඉදිකිරීම් ආරම්භ කළේ පසුගිය යහපාලන ආණ්ඩුව බව බස්නාහිර හා මහා නගර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ලෝකය නව ඔමික්‍රෝන් ආසාදන රැල්ලක් අත්විඳිමින් සිටින බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යවරයා, අප්‍රිකාවේ මිතුරෙකු ලෙස චීනය බලා නොසිට, වසංගතය සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා අප්‍රිකාව සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව පැවසීය.

Read More

මන්නාරම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක අද (06) දහවල් ගෑස් ලිපක් පිපිරීමෙන් ඇතිවූ ගිනිගැනීම හේතුවෙන් නිවස සම්පුරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

Read More

රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් හමුවී කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

Read More

මීට පෙර එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබූ ජෙකොවික්ට සම්පූර්ණ එන්නත් මාත්‍රාවන්ගෙන් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව එරට අගමැති ස්කොට් මොරිසන්ද පවසා තිබුණු අතර, ඔහු කියා තිබුණේ ’’නීතිය නම් එය සැමට පොදු විය යුතු’’ බවයි.

Read More

වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකාගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

මියගිය එක් ආරක්ෂක නිලධාරියෙකුගේ සිරුර හිසින් වෙන්කර තිබියදී සොයාගත් බවද රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

Read More

කන්නන්ගර - ගෙදර යැව්වා පි .බී.කලුගල්ල - නැව් හොරා සිරිමාවෝ බණ්ඩාරනායක - බින්දුමති ගාමිණි දිසානායක - මහවැලි හොරා මහින්ද රාජපක්ෂ - මහින්ද හොරා අනගාරික ධර්මපාලතුමා - රට දාලා ගියා

Read More

මෙම පියවර වහාම ක්‍රියාත්මක වන අතර ජුනි 15දා දක්වා ක්‍රියාත්මක වන බව ඉතාලි රජය ජනතාවට දැනුම් දෙයි.

Read More

වෙළඳපොළ තුළ පවතින ලිට්‍රෝ ගෑස් හිඟය ‌තවත් නොබෝ දිනකින්ම පහව යනු ඇතැයි ඒම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා,පළාක් සභා හා පළාත් පාලන අමාත්‍යශය විසින් නිකුත් කර තිබේ. මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

Read More

වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් (ONLINE) මාස තුනක් තුළ සකස් නොකළහොත් GSMB අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යවරයා දන්වයි

Read More

ජනවාරි 18 දා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකිරීමට නියමිත රාජාසන කථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විවාදයක් ඉල්ලා තිබේ.

Read More

“සියක් නගර” සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මස 08 වැනිදා මහනුවර දී ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා විශ්වාස නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ ක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසයි.

Read More

නව වසරේ ගෙවුණු මුල් දින හතරේ පමණක් සංචාරකයින් 11,380ක් මෙරටට පැමිණ ඇති අතර එය සංචාරක කර්මාන්තය නැංවිම සඳහා ගෙනයන වැඩපිළිවෙළේ සාර්ථකත්වය පෙන්නුම්කරන්නක් යැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

යුදහමුදාව විසින් සාමාන්‍ය වැසියන් වෙතට නිදහස් කරන ලද පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉඩමක පොළව යට තිබී සොයාගන ඇති යුදටැංකි ප්‍රහාරක පතුරම් දෙකක් මෙලෙස වෙනත් පාර්ශවයකට විකිණීමට සැලසුම් කොට තිබියදී පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබනු තොරතුරකට අනුව අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

Read More

වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමකදී , රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් යන අයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශකිරීම ලබන 12 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු අද(06) නියම කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟය මේ මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසයි.

Read More

සති කිහිපයක සිට අතුරුදන්ව සිටි කොටදෙණියාව, බාඳුරාගොඩ අවුරුදු 10කා 12ක දරුවන් දෙදෙනා සොයාගෙන තිබේ. ඔවුන් දෙදෙනා මීරිගම පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.