saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5920 hours ago

LATEST

ජොකොවික්ට දෙසැම්බරයේ කොවිඩ් හැදුණු බව කියයි

calendar_today 2022 ජන 08 - 20:01 remove_red_eye - 418  

’’ප්‍රශ්නය එන්නත නොවෙයි. එයට හේතුව ඔහු සර්බියානු ජාතිකයෙක් සහ ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩකයා වීමයි’’ ජොකොවික්ගේ රසිකයෝ පවසති.

ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාමගත් භානුක රාජපක්ෂට ඉදිරියේදී ආරම්භවීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලිය අහිමිවන තත්ත්වයක් පෙනෙන්ට තිබේ.

Read More

චීනය න්‍යායාත්මකව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගෙන ඇති බව එරට ඉහළම ශ්වසන විශේෂඥ ෂොං නන්ෂාන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඔහු වැඩි වැඩියෙන් චීන වැසියන්ට බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය.

Read More

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග සහිත බහාලුම් නිදහස් කර ගැනීම වෙනුවෙන් මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් නිදහස් කර තිබේ.

Read More

ඔමික්‍රොන් මගින් ඇති වන ආසාදන සංඛ්‍යාව රෝහල්වලට දැඩි පීඩනයක් එල්ල කරන බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇති අතර, සමහරක් සෞඛ්‍ය සේවකයින්ම අසනීප වී සිටින නිසා රෝගීන්ගේ පැමිණීම සමග කටයුතු කිරීම අරගලයක් වී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව රෙගුලාසි කිහිපයක් හඳුන්වා දී තිබේ.

Read More

ගිනිකොනදිග බ්‍රසීලයේ දිය ඇල්ලකට පහළින් ඇති පාෂාණ පතුරක් මෝටර් බෝට්ටු මතට හදිසියේ කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. විදුලි බල මණ්ඩලය දැවි තෙල් සැපයීමේ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ දිනයේදී ප්‍ර දේශ රැසකට පස්වරු 5.30 සිට 9.30 දක්වා වරින් වර පැයක විදුලිය කප්පාදුවක් සිදු කෙරිණි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පි රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.

Read More

අම්පාර කුමන රක්ෂිතයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගංජා හේනක් වැටලීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කටයුතු කර තිබේ.

Read More

උමං නිර්මාණය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රයක් ( tunnel-boring machine (TBM)) චීනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කර තිබේ.

Read More

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා අද (08දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු 02ක ඇතුළත. ඩොලර් බිලියන් 6.3ක් අපි සෑම අවුරුද්දෙම ණය ගෙවිය යුතුයි. මේ ණය පසුගිය ආණ්ඩු ගත්තේ. සංවර්ධනය වෙන්න පුළුවන්, වෙනත් කරණාවලට වෙන්න පුළුවන්. නමුත් මේ ණය අපි සෑම අවුරුද්දකම ගෙවිය යුතුයි.

Read More

ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ රට තුළට පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන් ජනවාරි 11දා සිට දින 7ක නිවෙස් නිරෝධායනයකට ලක්විය යුතු බවයි.

Read More

මේ අතර අද දිනයේදී කොවිඩ් මරණ 16ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව විසින් වාර්තා කර තිබේ. මෙම මරණ ඊයේ (06දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රි ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15099ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගම සමග පිළිසඳරක් වැඩසටහන කොවිඩ් නිසා ඉදිරිට ගෙන යාමට නොහැකි වූ බවත් ඉදිරියේදී සෑම පළාතකම ඇති රාජ්‍ය ආයතනවලට තමන් පැමිණෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ සිව්වැනි එන්නත පිරිනැමීම ආරම්භ කළ ලතින් ඇමරිකාවේ පළමු රට චිලී රාජ්‍ය පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ට පැනවූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

අද පස්වරු 5.30 -9.30 අතර කාලයේදී දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය කියයි. විදුලිය නිෂ්පාදනයට අවැසි දැවි තෙල් නොලැබීමේ ගැටලුවක් ‌මේ සඳහා බලපා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

’’කවුරුහරි යටත් නොවුණොත් විනාශ වෙනවා. මම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ හමුදාවට අණ දීලා තියෙන්නේ අනතුරු ඇඟවීමකින් තොරවම වෙඩි තියන්න කියලයි.’’ කසකස්තාන ජනාධිපතිවරයා පැවසීය.

Read More

සෑම මන්ත්‍රීවරයෙකුම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධුර 30ට අමතරව කිසිඳු අමාත්‍ය ධුරයක් ලබා දී තමා ජනතාවට දුන් පොරොන්දුව කඩ නොකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ වලදී සහාය වීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව ජනාධිපතිවරයා පැවසීය.

Read More

තායිලන්තයේ Test & Go නිරෝධායන නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය සඳහා වන නව අයදුම්පත් නැවත දැනුම් දෙන තුරු අනුමත නොකරන බව රටේ කොවිඩ්-19 කාර්ය සාධක බලකාය වන කොවිඩ්-19 තත්ත්ව පරිපාලන මධ්‍යස්ථානය (CCSA) සඳහන් කළේය.

Read More

අපිට අවශ්‍ය මේ රටේ අනාගතය වගේම ඔබේ අනාගතය දිනවන්න. අපිට අවශ්‍ය ඔබේ ජීවිතය දිනවන්න. ඔබේ දරුවන්ගෙ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අපි කරන කාර්යයට සහය දෙන්න. මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව මම විශ්වාසයෙන් යුතුව ඔබට මතක් කරනවා.

Read More

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ එන්නත් කිරීම් සහ ප්‍රභේදයේ අඩු තීව්‍රතාවයට ස්තූතිවන්ත වන පරිදි නව සීමාවන් නොමැතිව එංගලන්තයට මෙම ආසාදන රැල්ලට ඔරොත්තු දිය හැකි නමුත්, ආසාදිතයන්ට ස්වයං-හුදකලා වීමට සිදුවන නිසා කාර්ය මණ්ඩල හිඟකම වැනි අභියෝගාත්මක සති කිහිපයක් ගත කිරීමට සිදුවන බවයි.

Read More

කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුවෙන් ඉහළ ඩොලර් ආධාර සහ කොයිකා (KOICA) වෙතින් පුළුල් සංවර්ධන ආධාර ඉල්ලමින් අමාත්‍ය පීරිස් මහතා යොමු කළ ඉල්ලීමට දකුණු කොරියානු විදේශ අමාත්‍ය චුන්ග් යුයි-යොන්ග් මහතා ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඉදිරියේදි විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.

Read More

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට අයවැය සහන දීමනා පණතක් ගෙන එන ලෙස ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කම්කරු අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිති.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදි ඇති අපහසු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් ලෙසින් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා පවසයි.

Read More

මෙරට තුළින් දෛනිකව වාර්තා වන කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර, මෑත කාලය ආසන්න වන තෙක් දෛනිකව වාර්තා වූ රෝගීන් 500කට අඩු ප්‍රමාණය මේ වනවිට පන්සියය ඉක්මවා යමින් තිබේ.

Read More

පසුගිය දින 4 තුළ බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව 37646,40301,42436,28619ක් ලෙස සටහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.