saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6341 hours ago

LATEST

ඩොන්බාස් ගැටුම විසඳීමට පූටින් සූදානම් - ඔස්ට්‍රියාව

calendar_today 2022 අප්‍රේ 11 - 22:55 remove_red_eye - 532  

ඔස්ට්‍රියානු චාන්සලර් පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා ජාතික ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.

රෝහල් පද්ධතිය තුළ මේ වනවිට අත්‍යවශ්‍යම ඖෂධ 40ක හිඟයක් සහ උපකරණ හා ප්‍රතික්‍රීයක හිඟයක් ඇති වී තිබෙන බවත්, ඉදිරි දෙසතියක කාලය තුළදී මෙම ප්‍රමාණය දෙගුණ විය හැකි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

Read More

38 හැවිරිදි මෙම නායකයා අසමසම දේශප්‍රේමියෙක් සහ සාමයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂකයෙක් ලෙස ප්‍රශංසා ලබා තිබේ.

Read More

බැරල්වලට හා කෑන් වලට ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය පාමින් ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව කොළඹ - නුවර මාර්ගය වරකපොල නගරය ආසන්නයෙන් ලොරි රථ දෙකක් හරස්කරමින් වසා දැමීමට කටයුතු කර තිබේ.

Read More

පාකිස්තානයේ ජාතික සභාවේ විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් සඳුදා එරට නව අගමැතිවරයා ලෙස තේරී පත් විය.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ හා ජනපති ලේකම් කාර්යාලය අසළ පවත්වන විරෝධතාව තෙවැනි රාත්‍රියටත් ළඟා වි තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්වය යටතේ පවා ඔවුන් ජනපතිවරයාට හා වත්මන් ආණ්ඩවට විරෝධය දක්වමින් සිටියි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම විහිළුසහගත කරුණක් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.

Read More

තරුණයන් මේ රටේ තියාගන්න නම් අපි අලුත් දෙයක් කරන්න වෙනවා. මේක වැටිලා තියෙන නිසා අලුත් එකක් හදන්න පුළුවන්. තරගකාරි ආර් ථිකයක් ඇති කරන්න ඕන. ස්ථාවර භාවය ඇති කරලා සහන දීලා මේක කරන්න ඕන. අපිට යන්න තියෙන්නේ අලුත් ගමනක්. මේක අපි වටහා ගන්නේ නැත්නම් අපි පහුකරගෙන මේ අය මේ ගමන යයි.

Read More

ආණ්ඩුව විදේශ ණය ගැනීම සීමා කරන ලද්දේ මෙරට පුරවැසියන් සමග ධෛරයෙන් වැඩ කර ලංකාව ණය නැති රටක් බවට පත් කිරීමේ වුවමනාවෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

Read More

යුද ජයග්‍රහණයෙන් පසුව ජනතාව අමතා කල ප්‍රකාශයේදී තමන් අනාගතයේදී විදුලිය කැපීමකින් තොර රටක් බිහිකරනවා යැයි තමන් ජනතාව හමුවේ ප්‍රකාශ කලද එය සාර්තක කර ගැනීමට නොහැකිවූයේ පසුගිය රජය තමන් ඉදිකල බලාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොගිය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

විශ්වාසභංගය සහ දෝෂාභියෝගය ඉදිරිපත් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යැවීමෙන් පසු එළඹෙන කාලය සඳහා අන්තර්කාලීන රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

රට තුළ ඖෂධ හා උපකරණ හිඟයක් ඇති වෙමින් තිබෙන නිසා ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ පවතින මුදල් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට මුදාහරින ලෙස මහා බැංකු අධිපතිවරයාගෙන් අද (11දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ධුරයෙන් පහකළ පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවට පාකිස්තානයේ නව අගමැති ලෙස එරට විපක්ෂනායක ෂෙහ්බාස් ෂරීෆ් පත්කර ගැනීමට පාකිස්තාන පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ පතොක් මව් ශාක තොගයක් සහ ජීවී සුරතල් මත්ස්‍යයන් පිරිසක් රැගත් ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අද අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

Read More

මිල්ලනිය පරගස්තොට පුද්ගලික සමාගමකට තියුණු ආයුධ රැගෙන මධ්‍යම රාත්‍රියේදී කඩාවැදුණ කොල්ල කල්ලියක් ආරක්ෂක නිලධාරීන් බැඳදමා වෙඩි බෙහෙත් ගබඩාව කඩා පුපුරන ද්‍රව්‍ය තොගයක් කොල්ලකා ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය සඳහන් කරයි.

Read More

හලාවත නගරයේ රජයට පක්ෂව පැවති ආධාරකරුවන්ගේ පෙළපාලියකට රජයට විරුද්ධව පැමිණි විරෝධතා කරුවන් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර සහ හුහඩ නැගීම හේතුවෙන් දැවැන්ත ගැටුමක් සිදුවීමට ගිය අවස්ථාවේ පොලීසියේ මැදිහත් වීමෙන් එය වළකා ගැනීමට හැකිවිය.

Read More

මන්නාරම මුහුදු සීමාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවට ඇතුලු වූ ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකු ඊයේ (10දා) දිනයේදී ඉන්දීය නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන තිබේ.

Read More

හෙට (12දා) සිට 14 දා තෙක් බැරල් හා කෑන්වලට ඉන්ධන ලබා නොදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Read More

හිටපු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කැරලිකාර මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ.

Read More

යාපනය අච්චුවේලි පොලිස් වසමේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණ තිබූ වාහන පෝලිමක සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ඊයේ (10) රාත්‍රියේ මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රි විශේෂ ප්‍රකාශයක් කිරීමට නිමිත බව වාර්තා වෙයි. රටේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදුකිරිමට නියමිතය.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේදී පවත්වන විරෝධතා විවිධ ඉසව්වලින් ඉදිරියට යමින් පවතී. මේ අතර ඇතැම් පුද්ගලයන් නිර්මාණත්මක කාර්යයන්ද සිදුකරනු ලබයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330ක් දක්වා ඉහළ දමා තිබේ. එසේම ඩොලරයක ගැණුම් මිල රුපියල් 310ක් බවට පත්ව තිබේ.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. නැගෙනහිර, ඌව, මධ්‍යම හා උතුරු මැද පළාත් සඳහා නිකුත් කළ මෙම නිවේදනය අද පෙරවරු 11.00 නිකුත් කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා රජයට විරුද්ධව කොළඹ ගෝල් පිටියේ පවත්වන විරෝධතාවට තමන් එක්වුවහොත් තමන්ද එයින් ඉවත් කිරීමට ජනතාව කටයුතු කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් තවලම, හිනිඳුම ප්‍රදේශයේ ඉන්ධන හලකින් ඩිසල් ලබා ගැනිම වෙනුවෙන් පෝලිමක සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. අද (11දා) පෙරවරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ. මේ අනුව දින තුනක් තුළ ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා ජනපතිගෙන් කළ ඉල්ලීමට ජනපති යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බව වාර්තා වෙයි.

Read More

අත්‍යාවශ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීමට, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හා අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

“කුරුඳු, එනසාල්, කරාබුනැටි, ගම්මිරිස්, වසාවාසි, සාදික්කා,කොත්තමල්ලි, සූදුරු, මහ දුරු, ඉඟුරු, වැනිලා, සීනි, නැවුම් කිරි සහිත උණුසුම් චායි කෝප්ප 1050ක රසය ඉක්මනින් අවසන් විය.. සැමට ස්තුතියි!”යැයි මේ පිළිබඳව තොරතුරු සටහන් කළ ෆෙස්බුක් පෝස්ටුවක දැක්වෙයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත් කරන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි. මේ වන විටත් පැය 45කට අධික කාලයක් මෙම විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.