රුපියල් ලක්ෂ අටක් තමා ඇතුළු පොලිස් නිලධාරීන්ට ලබා නොදෙන්නේ නම් දැනට බුස්ස බන්ධනාගාරයේ සිටින පොඩි ලැසී විමර්ශනයක් සඳහා යයි කියමින් එළියට අරගෙන මරා දමන බවට සහකාර පොලිස් අධිකාරිවරයෙක් යැයි කියනා පුද්ගලයෙන් තමන්ට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කරන බව පොඩි ලැසීගේ මව වන දිල්හානි තනුජා මහත්මිය ඊයේ (11) රාත්‍රියේ හික්කඩුව තෙල්වත්ත සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් කිවාය .
මේ ආකාරයට තමන්ට දුරකථන ඇමතුම් ලබාදී රුපියල් ලක්ෂ අටක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහා ගන්නා අය නීතියේ රැහැනට කොටුකර ගන්නා ලෙස තමා පොලිස්පති ඇතුළු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද දිල්හානි කීවාය .
ඉකුත් සිකුරාදා 077------1 යන දුරකථන අංකයෙන් තමා සහකාර පොලිස් අධිකාරීවරයෙක් බවත් පොඩි ලැසි කරන ලද තවත් සමාජ විරෝධී ක්‍රියාකාරකම් රැසක් පිළිබදව ජානාධිපතිට පෙත්සමක් ගසා ඇති බවත් ඒ පෙත්සම විභාග කිරීමට තමා ඇතුළු නිලධාරි කණ්ඩායමකට භාරදී ඇති බවත් ඒ අනුව පොඩි ලැසී විමර්ශන සඳහා එළියට ගෙන මරා නොදැමීම සඳහා රුපියල් ලක්ෂ අටක් ලබාදෙන ලෙස මේ තැනැත්තා ඉල්ලා සිටින බවද දිල්හානි මහත්මිය විසින් මෙහිදී අනාවරණය කරන ලදී .
මාකදුරේ මදුෂ් ,කොස්ගොඩ තාරක මරා දැමුවේ තමා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් බවත් පොඩි ලැසිටත් මේ ඉරණම අත් නොකිරීමට නම් රුපියල් ලක්ස අටක් අනිවාර්යයෙන්ම අවශ්‍ය බව කියමින් මේ තැනැත්තා කිහිප අවස්තාවකදීම දුරකථන ඇමතුම් ලබාදුන් බවද දිල්හානි මහත්මිය කිවාය.
අම්බලන්ගොඩ මහජන බැංකුවට ගොස් අංක 259-----------0ට මුදල් බර කරන ලෙසත් ඔහු තමාගෙන් ඉල්ලා සිටි බවත් මේ සියලු කතා බව හෙළි නොකරන බවට සීනිගම දෙවොල් දෙවියන්ගෙන් දිවුරුමක් ලබාගෙන තමාගෙන් මේ මුදල මේ තැනැත්තා ඉල්ලු බවද දිල්හානි මහත්මිය කිවාය.
තමාට ලබාදුන් බැංකු ගිණුම ඔහුගේද යන්න පරික්ෂා කිරීමට අම්බලන්ගොඩ මහජන බැංකුවට ගොස් මුදල් තැන්පත් කිරීමේ මුවාවෙන් එය කාගේදැයි යන්න සොයාගත් බවත් එය මුස්ලිම් ජාතිකයෙකුගේ එකක් බවත් දිල්හානි මහත්මිය කීවාය.
මේ ගිණුම සම්බන්ධයෙන් ඔහුගෙන් කල විමසීමකදී ඔහු කියා ඇත්තේ මේ හදිස්සියට තමාගේ කණ්ඩායමේ සිටින නිලධාරියෙකුගේ එකක් බවත් ඉක්මනින්ම මේ ගිණුමට මුදල් තැන්පත් කරන ලෙසත් බවද දිල්හානි මහත්මිය කිවාය.
මේ පුද්ගලයා තමා සමග මේ සම්බන්ධයෙන් කළ සියලුම කතා බහේ හඩ පට තමා ළඟ තිබෙන බවත් ඉදිරි විමර්ශනයක් සඳහා ඒවා ලබාදිය හැකි බවත් දිල්හානි මහත්මිය වැඩිදුරටත් කිවාය.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත