saravita-anim2

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

Latest News - timelapse 77 hours ago

LATEST

ජොන්ස්ටන් හා ඔහුගේ බාල පුතා රිමාන්ඩ්

calendar_today 2026 ජන 05 - 18:22 remove_red_eye - 183  

රාජ්‍ය මුදල් හා දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් හා කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශය කිරීම අත්හිටුවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

මහභාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපෙමින් පළාත් සභා පවත්වාගෙන ගියද පළාත් සභා විසින් අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බැව් අනාවරණය වන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

නායයෑමේ අවධානමක් හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා ඇති කොත්මලේ තවලන්තැන්න කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය කොත්මලේ තවලන්තැන්නේ පිහිටි තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යැමට තීරණය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

Read More

රෝගියාට ම වෙන්වූ බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරේ...

Read More

ශ්‍රී ලංකාවේ දැනට පවතින ජර්මන් තාක්ෂණික විද්‍යාලය හා සමාන තවත් නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීම සදහා , ජර්මානු ආයෝජකයින් පිරිසක් 01/05 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් පැමිණියහ .

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් එම සංගමයට රුපි‍යල් ලක්ෂ 100ක මුදලක් පරිත්‍යාග කළ බවත් ඉදිරියේ දී තමා ජීවත්ව සිටින තාක් කල් සෑම වසරකම ජනවාරි 03 වෙනි දින රුපි‍යල් ලක්ෂ 100 බැගින් වකුගඩු සංගමයට පරිත්‍යාග කරන බවත් අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

මඩකලපුවේ මන්මුනයි දකුණු එරුවිල් පත්තු ප්‍රදේශයේ ඔන්තාචිමඩම් වෙරළට ඉන්දීය ජාතික ධජයක් සහිත යානයක කොටසක් අද උදෑසන ගොඩගසා ඇත.

Read More

දිට්වා සුලි කුණාටුවෙන් පසු පළමු පාසල් වාරය (05) දින ආරම්භ කිරිමත් සමග පාසල් ළමුන් කාර්යාල සේවකයින් ප්‍රවාහනය කිරිම සදහා වටවල සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් (05) දින සිට ධාවනයට එක් කර තිබුණි.

Read More

දිත්වා සුලි කුණාටුවෙන් පසු පළමු පාසල්වාරය (05) දින ආරම්භ කල බවත්, හැටන් කලාපයේ සියලුම වතු පාසල් සහ නගර බද පාසල් සියල්ල විවෘත කල බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.

Read More

පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

Read More

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් සඳුදා ෆෙඩරල් මෑන්හැටන් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නඩු විභාගය දේශීය වේලාවෙන් 12:00 ට (GMT 17:00) පැවැත්වීමට නියමිතය. මේ අතර වෙනිසියුලාවට ඒරෙහිව යුද්ධයක් ක්‍රියාත්මක නොකරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාක් රුබි‌යෝ පවසයි.

Read More

රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මෙවර (2025/2026) මහ කන්නයේ වි වගාකළ ගොවින් 937,897 දෙනෙකු සදහා පොහොර සහනාධාර මුදල් ලෙස රුපියල් එක්දහස්තුන්සිය පනස්නමකෝටි, විසිදෙලක්ෂ,අනුහත්දහස්හයසියපනස් එකයි ශත පනහක මුදලක් (13,592,297,651.50) ම ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇති බැව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

Read More

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Read More

එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පස්වන හා අවසන් අලුබඳුන ක්‍රිකට් තරගාවලිය අද (04දා) ආරම්භ විය.

Read More

රටම එකට ජාතික මෙහෙයුම මගින් ඊයේ(03දා) දිනය තුළ පමණක් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 806 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත් බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසූර් රහුමාන් කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් කොල්කටා කණ්ඩායමට දැනුම් දී තිබේ.

Read More

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05දා) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඇමෙරිකාව සිය භාරයට ගත් වෙනිසියුලානු ජනපති නිකලොස් මදුරෝ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් තිබේ. ඉහළ පෙළේ සිරකරුවන් රඳවා ගැනීම වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය භාවිත කරනු ලබයි.

Read More

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කැළඹිලි ස්වාභාවය හේතුනේ ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.

Read More

ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට - ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

Read More

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට උප ජනපති ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්‍රිගස් වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපති ධුරයට පත්විය යුතු බවට තීන්දු කර තිබේ.

Read More

වෙනිසියුලා ජනපති නිකලොස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ කළ මෙහෙයුම තමන් සජීවීව නැරඹූ බවත් එය රූපවාහිනී ජවනිකාවක් මෙන් වූ බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

වෙනිසියුලාවට ඇමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අගනගරය වන කරකාස් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල ව තිබේ. වෙනිසියුලානු ජනපති නිකලෝස් මදුරෝ හා ඔහුගේ බිරිඳ මේ වන විට ඇමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බව ඇමෙරිකානු ජනපතිවරයා පවසයි. එසේම මේ වන විට වෙනිසියුලානු ජනපති හා බිරිඳව වෙනිසියුලාවෙන් පිටකරගෙන යමින් සිටින බවද ඇමෙරිකානු ජනපතිවරයා පවසයි.

Read More

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ කණ්ඩායමක් Mi-17 හෙලිකොප්ටරයක් මගින්, 2025 දෙසැම්බර් 31 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ Obo ප්‍රදේශයේ සිට මධ්‍යම අප්‍රිකානු AAKG ආයුධ සන්නද්ධ කණ්ඩායමේ දැඩි තර්ජන එල්ලවී ඇති ප්‍රදේශයක් වන Bambouti ප්‍රදේශයේ ස්ථාපිත තාවකාලික මෙහෙයුම් කඳවුරක් (TOB) වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කරන ලදී.

Read More

ඉන්දියාවේ පැවති 2025 ’’ග්ලෝබල් මෑන් ඇන්ඩ් වුමන් ජාත්‍යන්තර ’’ ( Global Man and Woman International ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරගකරුවන් සිව් දෙනා එහි පැවති ප්‍රධාන තරග ඉසව් හතරෙහිම , පළමු ස්ථාන දිනා ගනිමින් 01/02 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි ළමයෙකුට පහර දෙන බවට ඊයේ රාත්‍රී කාලයේ නූරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවස අසල වැටී සිටියදී නිලධාරීන් විසින් ළමයා නූරිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව නූරිය පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.