දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුල කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි
ඝාතනයට ලක්වූ කාන්තාව දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් බව පොලීසිය පවසයි.
පසුගිය 29 වැනි දින රාත්රියේ මෙම ඝාතනය සිදුකර ඇය සතුව තිබු රන් මාල 03ක්, රන්මුදු 03ක් ජංගම දුරකතන 02ක් ද කොල්ලකා ඇතැයිද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මිය ගිය කාන්තාව 48 හැවිරිදි කොළඹ මාලිගාවත්ත ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර සිය පුත්රයා සමග නිදා සිටි ඇය මෙලෙස ඝාතනය කර ඇත.
එමෙන්ම මෙම ඝාතනයෙන් පසු ආපන ශාලාවේ සේවය කල සේවකයන් තිදෙනෙකු මෙම සිදුවීමෙන් පසු අතුරුදන්ව ඇතැයි ද ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ක්රියාත්මක බවත් දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.