මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (30දා) දින රාත්‍රියේ සිට තද වැසි පතිත වෙමින් පවති.
අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහල යමින් පවතින බවත්, පවතින වර්ෂාවත් සමග ආපදා ඇති විමේ අවධානමක් ඇති නිසා ඒ පිලිබදව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

