saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 6249 hours ago

LATEST

ජනතාව අපේක්ෂා කරන්නේ සාමකාමී බල හුවමාරුවක්

calendar_today 2022 මැයි 05 - 17:33 remove_red_eye - 604  

මේ රට ගොඩගන්න නම් දේශපාලනඥයා වගකීම සහ වගවීම දෙකම තියෙන පාරිශුද්ධ පුද්ගලයෙක් විය යුතු බවත්, දැන් ජනතාව අපේක්ෂා කරන්නේ, සාමකාමී බල හුවමාරුවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය .

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා ඇති තහනම මෙම මස 23 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළේය. එසේම එදිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය නියෝග කළේය.

Read More

වර්තමාන පාලනයට විරුද්ධව ජන මතයක් තිබෙන අවස්ථාවක නියෝජ්‍ය කථානායක පත් කිරීමේ ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කිරීම තේරුම්ගත නොහැකි දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

Read More

නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරන අවස්ථාවෙන් විපක්ෂය ප්‍රයෝජන නොගැනීම අර්බුදය තත්ත්වය හේතුවෙන් පාරට බැස දුක් විඳින ජනතාවගේ සටන පාවාදීමක් ලෙස තමා දකින බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

මන්නාරම පොලිස් වසමේ තාල්වුපාඩු තීරයේදී මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව ඉන්දියාවට ගමන් කිරීමට උත්සහ ගත් පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (04දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවිකහමුදාව පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු රටේ අනෙකුත් ගුවන් තොටුපළ තුළ ඇති ශ්‍රී ලාංකික ප්‍රභූන් සදහා ඇති ප්‍රභූ පර්යන්තයන්හි (VIP ) සහ විශේෂ සත්කාර ගුවන් මගීන් සදහා වන ’’ සේද මාවත ’’ ( CIP) ගුවන් මගී පර්යන්තයන්හි මගී නිශ්කාශන රාජකාරී කටයුතු හෙට (06දා) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ .

Read More

තිරු නඩේෂන් මහතාගේ මැදිහත්වීම මත සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය තිරු නඩේෂන් මහතාගේ නිවසේදී පොහොට්ටුවේ නායකයෙක් හමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සඳහන් කළේය.

Read More

ආණ්ඩුවට බහුතරය නැති බව පෙන්වීමට තිබූ අවස්ථාව සමගි ජන බලවේගයේ ක්‍රියාමාර්ගය නිසා අහිමි වී ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය තීරණය කිරීමට පෙර නව ගුවන්යානා මිලදී ගැනීම ඵල රහිත බවත්, ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණනවාද, තබාගන්නවාද නැතිනම් වසා දමනවාද යන්න තීරණය කිරීමෙන් පසු ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳ තීරණ ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රජයේ සේවිකාවක් වන තම බිරිඳට අයත් යතුරුපැදියෙන් ගොස් කාන්තාවන් ගෙල බැඳි රන් මාල කොල්ල කෑ පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු රන්මාල හයක් සමග ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

මුස්ලිම් ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා ගමන් ගනිමින් සිටි සුඛෝපභෝගි ජීප් රථයේ ගැටුණු තිදරු පියෙකු ඊයේ (4දා) රාත්‍රියේ මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

Read More

හෙට දිනයේදි දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දන හර්තාලය සඳහා ලංගම මෙන්ම ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද එක්වීමට තීරණය කර තිබේ.

Read More

තායිලන්තයේ බැංකොක් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ඍජු ගමන් සේවා , තායි ස්මයිල් (Thai Smile ) ගුවන් සේවය මගින් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ’’ සිල්ක් රූට් ’’ පර්යන්තයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය .

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව පසුගියදා තිරු නඩේෂන්ගේ නිවසේදී හමුවූයේ කවුද යන්න පිළිබඳව හෙළි කරන ලෙස ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

Read More

සමගි ජන බල වේගය විසින් ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට නම් ඉන් අනතුරුව සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව විමසීම් කරමින් ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයේ අසුන්ගත් පිරිස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

Read More

නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද (05දා) ඡන්දයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය. එහිදී මන්ත්‍රීවරැන් 08 දෙනෙකු පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියහ.

Read More

නියොජ්‍ය කථානායකවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසිමෙන් ඡන්ද 148ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරීපත්විය.

Read More

දළ ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය හා පොලී වෙනුවෙන් වෙන්කරන ලෝකයේ පළමු රට බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

Read More

දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු නතර නොකිරීමට සභාව තිරණය කළේය. ඒ නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අඛණ්ඩව සිදුකිරීමට සභාව තිරණය කිරිමත් සමගිනි.

Read More

ශ්‍රි ලංකාවට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. පෙට්‍රල් තොග නැවක් ඊයේද ශ්‍රි ලංකාවට පැමිණි බව ඔහු ප්‍රකාශ කළේය.

Read More

2019 වසරේ බදු කප්පාදුවෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මිලියනයකින් පමණ අඩුවී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍ර් මහතා පැවැසීය.

Read More

නියොජ්‍ය කථානයකධුරය පත්කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමෙදී තමන් ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි සිය ඡන්ද පත්‍රකාව ආණ්ඩු පක්ෂය දෙසටත් විපක්ෂය දෙසටත් පෙන්වීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ලබාදීමට රටවල් තුනකින් තමන්ට සහාය දෙන බවට විපක්ෂනායකවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණ බවත් ඒ අනුව එම රටවල් තුනෙන් සහාය ලබාගෙන ශ්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ගෙන්වා දෙන ලෙස තමන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිිටින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඉන්ධන මිල සඳහා වන සූත්‍රයක් ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තුව තුළින් නම් දෙකක් යෝජනා විය. ඒ අනුව ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා කළේය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළ වචන හුවමාරුවක් ඇතිවිය.

Read More

නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීමට අදාළව පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරිමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

මහජන උද්ඝෝෂන හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හ කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවට ගමන් කිරීමේ බාධා ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ නියෝජ්‍ය කථානායකධුරය සඳහා මන්ත්‍රීවරයෙක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කථානායකධුරය සඳහා ආණ්ඩුවෙන්, සමගි ජන බලවේගයෙන් හා ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ශ්වයෙන් යනාදී ලෙස මන්ත්‍රිවරුන් නම් කිරිමට නියමිතව තිබේ.

Read More

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව සීඝ්‍ර ලෙස පහළ බැස තිබේ. ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට 146වැනි ස්තානය හිමිව තිබේ. 2021 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයා 127වැනි ස්ථානයේ පසුවූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19කින් පහත බැස තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.