පියෙකු සහ දියණියක් දකුණු කළුතර පලාතොට ප්රදේශයේ නිවසක් තුළ හිටිහැටියේ මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි සුනිල් ජයසිංහ සහ ඔහුගේ දියණිය වන 34 හැවිරිදි සචිත්රා හංසමාලි තරුණියයි.
මියගිය තරුණියගේ මව පුටුව මත වාඩිවී සිටි සිය ස්වාමි පුරුෂයා සමග කතා බස් කිරීමට යාමේදී ඔහු ප්රතිචාරයක් නොදැක්වූ හෙයින් ඔහු අසලට ගොස් පරික්ෂා කිරීමේදී ශරීරය සීතල වී ඇති බවට මුලින්ම දැක තිබිණි.
අනතුරුව ඒ පිළිබඳ දියණියට පැවසීමට කාමරයේ සිටි දියණිය අසලට ගොස් කතා කිරීමේදී ඇයද ප්රතිචාරයක් නොදැක්වූ හෙයින් ඇයගේ ශරීරයට අත තබා බැලීමේදී ඇයගේ ශරීරය ද සීතල වී ඇති බව දැනි ඒ බව ප්රදේශවාසීන්ට දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.
දියණියගේ ඇඳ මත පෙති වර්ගයක් තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.දෙදෙනාගේ මරණයට හේතුව දැනගැනීම සඳහා නාගොඩ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.