දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.
වනජීවි දෙපාර්තමේන්තුවේදී අද (31දා)පැවැති සාකච්ඡාවක දී සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් විසින් මේ බව සඳහන්කර ඇත.
දේශිය හා විදේශිය සංචාරකයින් පැමිණිම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යාන වල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව නිලධාරීන් පෙන්වා දී තිබේ.
සත්වෝද්‍යානවලට ආහාර සැපයුම සිදුකළ සැපයුම්කරුවන්ට මේ වනවිට රුපියල් මිලියන 59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට පවතින බවත් මෙම වසරේ ඉදිරි කාලය සඳහා අඩුම තරමින් රුපියල් මිලියන 120ක පමණ මුදලක් අවශ්‍යව තිබෙන බවද නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
අදාල මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පවසා තිබේ.