saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5764 hours ago

LATEST

අවශ්‍ය වුණොත් යුක්‍රේනයේ ඉන්න ලාංකිකයන් ඉවත් කර ගන්නවා

calendar_today 2022 පෙබ 14 - 09:03 remove_red_eye - 465  

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

Read More

යුක්රේනයට රුසියානු ආක්‍රමණයක් මේ සතියේ ඉක්මනින් සිදු විය හැකි බවට එක්සත් ජනපද අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම ඇමතුම පැමිණියේය.

Read More

දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන්ට වැඩි කළ 28% ක සමෘද්ධි දීමනාව හෙට (14) දින සිට සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිත බවත්, 2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරන බවත්, සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට එක්ව සිටි ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ හා චාමික කරුණාරත්න ඉන්දීීය රුපියල් මිලියන 5 බැගන් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 14කට) අලෙවි විය.

Read More

ජාත්‍යන්තර මව් භාෂා ආයතනයේ උත්සවයකදී අදහස් දක්වමින් අගමැති හසීනා කියා සිටියේ වසංගතය අතරතුර අන්තර්ජාල අධ්‍යාපනය ලබා දුන්නද සිසුන්ට පන්ති කාමර ඉගෙනීම සහ මිතුරන්ගේ ඇසුර භුක්ති විඳීම අහිමි වී ඇති බවයි.

Read More

කෝව්ඩි-19 තුන්වැනි මාත්‍රාව ලබාගෙන සිටින පිරිස්වලට කෝව්ඩි-19ආසාදනය වුවද, ඔවුන් මරණයට පත් වීම ඉතාමත් අඩු බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය ඇමති ඔන්ග් පැවසුවේ කොවිඩ්-19 දරුණු තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා මෙම ඖෂධය නියම කර ප්‍රමුඛත්වය දෙන බවයි.

Read More

රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය වන්නේ හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන පරිභෝජනය පුරුදු වීම බවත් එමගින් පමණක් මෙරට නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් ප්රභවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙන බවත් කර්මාන්ත අමාත්යක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

Read More

මෙතෙක් ප්‍රජා කොවිඩ්-19 තත්ත්වයක් අත්විඳ නැති දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුක් දූපත්වලින් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

Read More

කෝවිඩ් මර්දන එන්නතෙහි 04වැනි මාත්‍රාවක් නිර්දේශ කර ඇති රටවලට යෑමට අපේක්‍ෂා කරන පුද්ගලයන්ට, එම එන්නත් මාත්‍රාව මෙරටදී ලබාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

Read More

වියට්නාමය පෙබරවාරි 15දා සිට සියලුම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා වන කොවිඩ්-19 සීමාවන් ඉවත් කරන බව නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයෙදී පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි තරගයද ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවෙයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පළමු වටයේදී අලෙවි නොවීය.

Read More

ඉන්ධන මිල සූත්‍රය කෙටුම්පත් කර අවසන් බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෛද්‍යවරයෙකු ඇතුළු දෙසීයකට වැඩි පිරිසක් සහභාගී වී සිටි, අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද අනුරාධපුරයේ පැවති ඩී.ජේ. සාදයක් වටලා විවිධ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනෙකු අද (13දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 70කට අලෙවි විය. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 196කි. ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩයම විසින් මිලට ගත්තේය.

Read More

මහරගම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් තුළ ලණුවකින් ගෙළ වැළලාගෙන මිය ගිය බව කියන සුරූපී නර්තන ශිල්පිනියගේ මරණය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය කියයි

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරුමැද පළාත්වල කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අදාළව මෙම නිවේදනය නිකුත් කර තිබේ.මේ අනුව එම ප්‍ර දේශවට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට අලෙවි විය. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 5.6ක මුදලකි. ඔහු ලක්නව් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

Read More

ලසිත් මාලිංග පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන නුවණ් තුෂාරට ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් ලැබී තිබේ. ඒ ඔස්ට්‍රේලියාව සමගින් අද පැවැත්වෙන විස්සයි20 තරගයේදීය. බිනුර ප්‍රනාන්දුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තුෂාරට මෙසේ විස්සයි20 වරම් හිමව තිබේ.

Read More

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු කොවිඩ් ආසාදිත වී තිබේ. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සිඩ්නිහි පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයට පෙරාතුව කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

Read More

පෙබරවාරි මාසයේ දවස් 12 ට සංචාරකයන් 39,621 මෙරටට පැමිණ ඇති බවත් මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි 12 වන දින දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 121,948 ක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

නව වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය සක්‍රීය කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ග් වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රෝල්ස් රොයිස් , ලැම්බෝගිනි, ජගුවාර්, මර්සිඩීස් බෙන්ස්, හමර් රථය බැගින් හා බස් රථ දෙකක් වෙන්දේසි කිරීමට රේගුව ගත් පියවරක් අවසන් මොහොතේ හදිසියේ නතර කර තිබේ.

Read More

විදුලිබල අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ආචර්ය සුසන්ත පෙරේරා සහ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග යන මහත්වරුන් මසකට රුපියල් මිලියනය බැගින් වූ මාසික වැටුප් සහ දීමනා සහිතව ලංකා විදුලි බල මණ්ඩලයේ උපදේශකවරුන් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

Read More

ලෝක ජනතාවගෙන් සියයට 70ක් පමණ එන්නත් ලබා ගන්නේ නම් වසංගතයේ උග්‍ර අවධිය මේ වසරේ අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අද්නොම් ග්‍රේබ්‍රියේසස් පවසයි.

Read More
අලි ආදරයක්
13 02 2022 09:23:00

පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියෙකු ඊයේ (12 දා) සවස හතරට පමණ වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීන් පිරිසක් විසින් කිලෝමීටර් තුනක් පමණ කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට බාර දී ඇත.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සම්පත් අවභාවිතා කරමින් වසර ගණනාවක සිට එහි සේවකයකු අනවසරයෙන් සත්තුවත්ත තුළ පෞද්ගලික පරවි කූඩුවක් පවත්වාගෙන යන බවට තොරතුරක් එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

Read More

රඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා ඇතුළුවී පුරා විද්‍යා වටිනාකමකින් යුතු දේපළ කිහිපයක් සොරාගෙන ඇ තිබේ.මේ අනුව අඟල් 2.5ක් උසැති දඹ රන් කරඬු 01යි, අගල් 1.5ක් පමණ උසැති පළිඟු කරඬු 03, අල් 1.5ක් පමණ උසැති රන් කරඩු 05, ධාතූන් වහන්සේලා තැන්පත් කරන මංජුසාවක් මෙසේ සොරකම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.