අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටුවන ආණ්ඩුවට එක්වන්නේද නැත්ද යන්න පිළිබඳව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 තුළ මත දෙකක් ඇතිව තිබේ.
මෙම පක්ෂ 10 නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන පක්ෂය යෝජනා කර ඇත්තේ ආණ්ඩුව තුළට ගොස් ජනතා ගැටලු විසඳීම සඳහා කටයුතු කළ යුතු බවයි. කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව සඳහන් කළේ කැබිනට් මණ්ඩලයට එක්නොවී පිහිටුවීමට නියමිත කමිටු සඳහා සම්බන්ධ වී ජනතා ගැටලු විසඳීමට සහාය වෙන බවයි.
මේ අනුව ඔවුන් තුළ මත දෙකක් මතුව තිබේ. තම පක්ෂයේ ස්ථාවරය තවදුරටත් පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පහත පරිදි තවදුරටත් අදහස් දැක්වීය.
“අග්රාමාත්යතුමත් සමග පැවැති සාකච්ඡාවේදී දැනට තිබෙන ඉන්ධන ගෑස් ඖෂධ ඇතුළු ජනතාව මේ වන විට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න විසදන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා.
අපි දැනට ඉන්නේ විපක්ෂය තුළ සිටිමින් ආණ්ඩුවට අවශ්‍ය සහාය දෙනවා කියන කරුණ තුළයි. කොහොම වුණත් මෙම ස්ථාවරය සමග මහජන පක්ෂයේ ස්ථාවරය ගැටෙනවා.
මහජන පක්ෂයේ ස්ථාවරය තමයි මේ ආණ්ඩුව තුළට ගිහන් ආණ්ඩුව තුළ සිටිමින් මේ ප්‍රශ්ණ විසදන්න ඕන කියන කාරණාව. අද දවස ඇතුළත අපි තීරණයක් ගන්න ඉන්නවා”