මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16දා) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවන බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැතැයිද ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.