බැංකු ගත නොකර උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47000 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
එකී මුදල් ශ්‍රී ලංකා මුදලින් මිලියන දාහතයි දශම පහළොවක් බව පොලිසිය කියයි. පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදුන් බව පොලිසිය කියයි
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතා ඇතුළු කණ්ඩායමක්පරීක්ෂණ පවත්වයි.
