ගෝල්ෆේස් හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී සිදුකළ පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ පට හා ඡායාරූප පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දිවයින පුරා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
ඊයේ දිනයේදී ඡායාරූප 66කට අධික ප්‍රමාණයක් මාධ්‍ය වෙත යොමුකර ඇති බවත් ඒ පිළිබඳව දැනුම් දීමට දුරකතන අංක හඳුන්වා දි ඇති බවද ඔහු පැවැසීය.
දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා 756ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඊයේ දිනයේදී සැකකරුවන් 159ක් අත්අඩංගුවට ගත් බවත් පුද්ගලයන්20කට ඇප ලැබි ඇති බවත් සැකකරුවන් 22කට ඇප ලැබී ඇති බවත් මේ දක්වා පුද්ගලයන් 398ක් අත්ඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
එයින් සැකකරුවන් 101කට ඇප ලබා දි ඇති බවත් පුද්ගලයන් 159ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු පැවැසීය. මෙම විමර්ශන සඳහා සහාය ලබාදෙන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසිය.