ඉකුත් මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවලදී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා සාකච්ඡා කර ඇති බවයි.
හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ හා ප්රචණ්ඩ ක්‍රියා ආරම්භ වූයේ පසුගිය මාර්තු 31 වෙනිදා ජනාධිපති වරයාගේ මිරිහාන නිවසට පහර දීමේ සිද්ධිය සමඟ බව රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම සිද්ධියෙන් පසු මේ මොහොත දක්වාම දිවයින පුරා විවිධ ප්‍රදේශවල හිටපු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය සභා නගර සභා සභාපතිවරුන් ,ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඉලක්ක කරගනිමින් සිදුවුණු නිවාස සහ දේපල ගිනි තැබීම් හා විනාශ කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබේ.
ඒ පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි. ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඇමති රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.