saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5776 hours ago

LATEST

තිරිඟු පිටි හිඟයක්

calendar_today 2022 පෙබ 11 - 17:37 remove_red_eye - 283  

මෙරට පිහිටි ප්‍රධාන තිරිඟු පිටි සමාගම් විසින් තමන්ගේ ඉල්ලුමට සරිලන තිරිඟු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතු වලට බාධා පැමිණ ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් සහ සිල්ලර සහ තොග වෙලදුන් පවසති.

පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව ඇති වැදගත් ලිපි තොගයක් පිංවත්ත ශාන්ති මාවතේ මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබීයදී ඊයේ (10දා) පිංවත්ත පොලීසිය විසින් සොයාගන්නා ලදී.

Read More

බලපත්‍ර නොමැතිව මස් පිණිස ඝාතනය කිරීම සඳහා මී ගවයින් 17ක් ලොරි රථයක පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කළ දෙදෙනකු අද(11දා) අත්අඩංගුවට ගැනීමට බරවකුඹුක පොලිස් මුරපොළෙහි නිලධාරිහු සමත්වූහ.

Read More

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද (11දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

Read More

මේ වනවිට සමාජය කිවනොහැකි තරමටම බිඳ වැටි ඇති බව තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (11දා ) බලපිටියේදී පැවසිය .බලපිටිය රන්දොබේ සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ නව සංඝාවාසයයක් විවෘත කිරීමේ පිංකම නිමිත්තෙන් පැවති ජන හමුව අමතා රාජපක්ෂ මහතා එසේ කිවේය.

Read More

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේදී අද (11දා) මෝටර් ගේඩරයක් සහ යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටී ගුවන් හමුදා භටයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

අප බොන තේ කෝප්පය පිටුපස තිබෙන වතුකරයේ දුක්ඛිත ඛේදාන්තය අපූරුවට කියවෙන වතුකරයේ දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් “තේ කහට”නමින් මහනුවර ඩී. එස්. සේනානායක වීදිය පුෂ්පදාන ශාලාවේ ශාලාවේ දී පැවැත්වේ .

Read More

තණමල්විල කුඩාඔය පරාක්‍රමපුර ප්‍රදේශයේ පිහිටි එළවළු වෙළෙඳසැලකින් පසුගියදා මධ්‍යම රාත්‍රියේ රුපියල් ලක්ෂ හතක් වටිනා මුදල් සහ රන්මුදුවක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු සැකපිට මොනරාගල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බීමතින් ත්‍රීවිල් රථයක් පැදවීමේ චෝදනාවට අධිකරණයේදී වරදකරු වී මාස 06 කට රියදුරු බලපත්‍රය අවලංගු කර සිටි පුද්ගලයෙක් මාස 06 ඉක්ම යාමට ප්‍රථම නැවතත් බීමතින් රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීවීල් රථයක් ධාවනය කරමින් සිටියදී මස්කෙළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමෙන් අනතුරුව වරද පිළිගත් චූදිතට රුපියල් 75,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස විනිසුරු අසංගා හෙට්ටිවත්ත මෙනවිය විසින් නියෝග කළාය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය දෙපස ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන අර්තාපල් අල සහ ලොකු ලූනු අලෙවිකරණ ක්‍රියාවලිය නිසා මාර්ගයේ ගමන් කරන අනෙකුත් ගොවි ජනතාවට ගමන් කිරීමට නොහැකි දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පෙන්වා දෙති .

Read More

(LONG READS) විජේපාල මාමා අපිට හමුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහදි. හරියටම කිව්වොත් කැම්බල් පිටියේ තාප්පේ ළඟදි. නිතර නිතර මෙතනින් යන අය නම් විජේපාල මාමව දැකලත් ඇති. දන්නවත් ඇති. විජේපාල මාමට තියෙන්නෙ ලස්සන හිනාවක්. ඒක අවංක හිනාවක්. එයා එතැන ඉඳලා මුළු දවසෙම ලස්සන පුංචි ව්‍යාපාරයක් කරනවා. කොට්ටං තලනවා. අවුරුදු විස්සක් විතර කොට්ටං තලන විජේපාල මාමව හොයාගෙන අපිත් ගියා.

Read More

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදි අද (11දා) පීලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

ජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

පෙබරවාරි මස 14 දිනට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනයට නව අරුතක් එකතු කරමින් ආදරයට පැළයක් තේමාව යටතේ රුක්රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

Read More

අයිස් මත්ද්‍රව්‍ය කිිලෝ 2 ග්‍රැම් 579ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ග්ත බව පොලීසිය කියයි. පෑලියගොඩ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වත්තල සිදුකළ වැටලීමකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

අඩු කාලයකදී වැඩි අස්වැන්නක ලබාගත හැකි මෙන්ම ළපටි පෙනුම දිගටම පවතින, වැඩිවාර ගණනක් අස්වැන්න ලබාගත හැකි බෝංචි ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි කෘෂිකර්ම තොරතුරු හා සන්නිවෙදන මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ දක්වා කාලය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බෝංචි ප්‍රභේද හතක් නිර්දේශ කර තිබෙනබවත්, මේ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොයාගත් අටවැනි ප්‍රභේදය ’කැකුළු’ ලෙස නම්කර තිබෙයි.

Read More

නඩු විභාගයට අනුව ජූරි නඩු විභාගයකින් තීරණය කළ යුතු වන්දි සහ දඬුවම් මෙන්ම, ඔවුන්ගේ නීතිඥ ගාස්තුද මෙම පැමිණිලිකාර හාවඩ් සිසුවියන් තිදෙනා අපේක්ෂා කරයි.

Read More

මොරටුව එගොඩඋයන ප්‍ර දේ්ශයදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පොලිස් විශේස කාර්ය බළකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සමිර සම්පත් නොහොත් අබ්බා යන අය ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෙවීගිය දින හතක කාලය තුළදීවී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිලට වී මෙට්‍රික්ටොන් 25,000ක්මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල්ද අල්විස් මහතා සඳහන් කළේය.

Read More

සඳුදා අග ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, පෙබරවාරි 3දා වනවිට දරුවන් ආශ්‍රිත කොවිඩ්‍-19 රෝගීන් 12,042,870 ක් රට පුරා වාර්තා වී ඇති අතර, තහවුරු වූ සියලුම රෝගීන්ගෙන් 18.9%ක් මෙසේ දරුවන් නියෝජනය කර තිබේ.

Read More

මැතිවරණයක් පැවැත්වීම හරහා ආර්ථිකය බංකොළොත්භාවයකට වැටීමේ වේගය වැඩිදියුණු කර නොගන්නා ලෙස ආණ්ඩුවට ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ, සිංහාසනයේ උරුමක්කාරයා දෙවැනි වරටත් ආසාදනය වූ බව තහවුරු කරමිනි.

Read More

මැතිවරණ සඳහා කිසිදු දිනක රාජපක්ෂවරුන් බිය නොවන බැවින් මැතිවරණ සඳහා ඕනෑම අවස්ථාවක ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ෂී සිය පණිවිඩයේ සඳහන් කර තිබුණේ, තමා සහ ඔහුගේ බිරිඳ පෙන්ග් ලියුආන් මේ අවස්ථාවේදී ඔවුන් සමග සිටින බවත්, ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.

Read More

නිවිතිගල පොදු ක්‍රිඩාංගනයේ ඊයේ (09දා) රාත්‍රී පැවති සංගිත සංදර්ශනයක් අවසානයේ දි එම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගිත කණඩායමේ වාදන හා ව්ද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්‍රසංගය සංවිධායකයෝ පවසයි.

Read More

කොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර හුදකලා වී සිටින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

Read More

සැමියා විසින් නිළ ඇදුමට පෙට්‍රල් හලා සිරුරට ගිනි තැබිම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඊයේ (09දා) මියගොස් තිබේ.

Read More

අධිභාර බද්ධ සම්බන්ධ ගැසට් නිවේදනය රිවස් කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සඳහන් කරන බවත්, එසේ නොමැති නම් දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමග සටනකට පැමිණෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කෙරුණු වැඩ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත.

Read More

පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය. ඒ අනුව අනුරාධපුර රැලියේදී මැතිවරණ සඳහා සූදානම් වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ අභියෝගය භාර ගන්නා බව අද (10දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.