saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5768 hours ago

LATEST

මිල පාලනය කරන හැටි රජය කියයි

calendar_today 2022 පෙබ 20 - 12:55 remove_red_eye - 312  

භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරිමට රජය සුදානම් බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.

දරුවන් නව දෙනෙකුගෙන් යුත් මැර පවුලක මැර ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් බාදුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශවාසීහු අද (20දා) දිවුලපිටිය මීරිගම මාර්ගයේ වත්තෙමුල්ල හන්දිය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුනහ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රීක් සමලුව ඊයේ (19දා) දින වවුනියාව නගරසභා සංස්කෘතික ශාලවේදී පැවත්වුණි.

Read More

මෙරට භාවිතා කරන සමාජ මාධ්‍ය සඳහාද මාධ්‍ය භාවිතා කරන ආයතන වලට තිබෙන ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් බවත්, ඒ හරහා රටක් ජාත්‍යන්තර අපකීර්තියට පත් කිරීම වැලැක්විය හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 24 දා ආරම්භවීමට නියමිත විස්සයි20 තරගාවලිය අවිශ්ක ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් හා ණුවන් තුෂාරට අහිමි වී තිබේ.

Read More

(Exclusive) ශ්‍රී ලංකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට එංගලන්තයේ ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ RCP (Royal College of Physicians) ආයතනය කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට තෙවැනි මාත්‍රාව ලබාගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් දන්නට ඇති අයුරු පෙනෙන්නට තිබේ.

Read More

ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති පවත්වාගෙන යනු ලබන ස්ථානයන්හි පවතින තත්ත්වය පරීක්ෂා කිරීමට පොලීසිය සහ ගම්පහ මහ නගර සභාව පියවර ගෙන ඇත.

Read More

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ රුසියානු නායක පූටින් සහ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ක්‍රෙම්ලිනයේ මෙහෙයුම් මැදිරියේ සිටම අභ්‍යාස නිරීක්ෂණය කළ බවයි.

Read More

ඇල්ලේ සංචාරක හෝටලයක දෙවැනි මහලෙන් ඇදවැටී 28 හැවිරිදි චෙක් ජාතිකයෙක් මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

Read More

ඔටාවා හි පොලිසිය පවසන්නේ ආක්‍රමණශීලී සහ නිලධාරීන්ට පහර දෙන විරෝධතාකරුවන් පාලනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. විශේෂයෙන්ම මෙය කුපිත කිරීම් සහ පහරදීමේ හැසිරීම නැවැත්වීමට මෙන්ම, නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා දරන උත්සාහයක් බව පොලීසිය පවසයි.

Read More

තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කර ඔහුගේ සොහොයුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනකු මාර්තු මස 4 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා අද (19දා) නියෝග කළේය.

Read More

ඇසින්දුටු සාක්ෂිකරුවන්ට අනුව පිපිරීම සිදුව ඇත්තේ හසන් ඩීෆ් අවන්හලේ මිනිසුන් දිවා ආහාරය ගැනිමින් සහ විවේකීයව විවෘත ප්‍රදේශයක රැස්ව සිටි අවස්ථාවේදීය.

Read More

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට ආළව ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය හරහා හුවමාරුවෙමින් පවතන බව විභාග දෙපාර්තමේන්තුව කියයිි.

Read More

කෙසේ වෙතත් සියලුම ගෘහස්ථ පොදු අවකාශයන්හි මුඛ ආවරණ විධානයක් සහ එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීම ආදී ඇතැම් සීමා කිරීම් දිගටම ක්‍රියාත්මක වේ. එමෙන්ම, ඇතැම් පොදු ගෘහස්ථ අවකාශයන්හි ධාරිතා සීමාවන් දිගටම ක්‍රියාත්මක බවද පවසයි.

Read More

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වී තිබේ. මේ අනුව ජාතික පද්ධතයට මෙගාවොට් 285ක් අහිමිි වී තබේ.

Read More

නයිජීරියාවේ මේ ආකාරයන් පැහැරගැනීම් පසුගිය වසර කිහිපය පුරාම වාර්තා වූ අතර, මූලිකව ත්‍රස්තයන්ගේ පැහැරගැනීම් මෙන්ම, මේ වනවිට කොල්ලකරුවන් විසින් සිදුකරන පැහැර ගැනීම්ද දැකිය හැකිය.

Read More

ඇමෙරිකානු සමාගමකින් ඩොලර් මිලියන 11ක ගුවන් යානයක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිිබේ.

Read More

තද වැසි,තද සුළං හා රළු මුහුද පිළබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

අද දිනයේදී සැලසුම්කළ විදුලිිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. කෙසේ වෙතත් පද්ධතියේ ස්ථාවර භාවය වෙනුවෙන් අද පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වා අතරමැදි කප්පාදුවක් සිදුවිය හැකි බවද කොමිසන් සභාව සඳහන් කරයිි.

Read More

බලපත්‍රයක් නොමැතිව කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ වැලි ගොඩ දමමින් සිටි පස් දෙනෙකු අද (19දා) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්‍රදේශයේදී පිරිසකගේ පහරදීමකින් මියගිය පොලිස් කොස්තාපල්වරයා ඝාතනයේ සැකකරුවන්ට අයත් බව කියන තේනගම ප්‍රදේශයේ හෝටලයකට සහ නිවෙසකට ඊයේ (18) රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනිතබා හානිකර ඇතැයි තංගල්ල පොලිසිය කියයි.

Read More

මහියංගනය සිට හැටන් දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගය හරහා පෙරළීමෙන් ටිපර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය පැවසිය. මෙම අනතුර අද(19දා) උදෑසන හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු, අද (19දා) අළුයම නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දෙති. බෞද්ධ උපදේශක සභාව ඊයේ (18දා) 13වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

Read More

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ (18දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

Read More

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (19දා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය ඊයේ (18දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්විණ.

Read More

ගලේවෙල මොරගොල්ල ප්‍රදේශයේ තරුණයකුගේ මඤ්ඤොක්කා වගාවේ සාර්ථක අස්වනු ලැබී තිබේ. මෙම එක මඤ්ඤොක්කා ගසක එක අලයක් පමණක් කිලෝ ගණනාවකි .මඤ්ඤොක්කා එක අලයක් ගල්වා ගත් කල එහිළ එහි බර කිලෝ පහළොවත් විස්සත් අතර විශාල අල බව තරුණ ගොවි මහතා සඳහන් කර සිටී.

Read More

ලෝකය කොවිඩ්-19 වසංගතයේ තුන්වැනි වසරට පිවිසෙන අවස්ථාවේදී ආර්ථික ප්‍රකෘතිය දිගටම පැවතුණද එහි වේගය මධ්‍යස්ථ වී ඇති බැවින්, එසේ ආර්ථිකයේ බාධා තත්ත්වය තුළ සැරිසැරීමට වඩා ප්‍රතිපත්තිමය කඩිසර බවක් සහ ගෝලීය සහයෝගීතාවයක් G20 රටවලින් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.