saravita-anim2

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

Latest News - timelapse 6013 hours ago

LATEST

රුපියල නම්‍යශීලීකළ තීරණය ගැන හිටපු අධිපති කතා කරයි

calendar_today 2022 අප්‍රේ 20 - 22:00 remove_red_eye - 5033  

එම නව විනිමය අනුපාත ප්‍රතිපත්තිය වත්මන් මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ මුදල් මණ්ඩලය විසින්ද දිගටම පත්වාගෙන යන බව හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

යානය පෝට් ඕ ප්‍රින්ස් ගුවන් තොටුපළෙන් හයිටියේ ජැක්මෙල් නගරය බලා පියාසර කර ඇති අතර, යානයේ එන්ජිමේ දෝෂයකට ලක්ව ඇති බව සිවිල් ගුවන් සේවා කාර්යාලය ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා පොලීසිය මගින් නිකුත් කර එහෙත් 2022.04.11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා 2022.04.23 දක්වා සහන කාලයක් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Read More

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරකු පාළු පෙදෙසක රැගෙන ගොස් කැපුම් තුවාල සිදු කර එම රියදුරා මරා දමා ඔහු සතුව තිබූ මුදල් පැහැර ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා අද (20දා) විමර්ශන ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද (20දා) සවස විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ .

Read More

මාතර දිස්ත්‍රික්සංවර්ධන කමිටුවේ සම සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියාය කලුගලහේන ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට අද (20දා) ගිය විරෝධතාකරුවන් පිරිසක් සිය විරෝධය පල කළේය.

Read More

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හෙට (21දා) සහ අනිද්දා (22දා) දෙදින තුළ දිනකට පැය තුනයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට අද (20දා) දින අවසර ලබාදී තිබේ.

Read More
කළු විරෝධය
20 04 2022 17:32:00

ජනතා හඬට සවන් නොදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ මහජන සටනට සහය පල කරමින් වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (20දා) දීප ව්‍යාප්ත කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කොට තිබුණි.

Read More

නව රාජ්‍ය අමාත්‍යවරු 04ක් ඊයේ (19දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය.

Read More

රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග දැන් ලැබී ඇතැයි බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට සහය වන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

’’සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතියට බාධාවක් නෑ. රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ ඛේදවාචකයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වනු ඇත. විරෝධතා දක්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි.’’

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු තීරයේ අද (20දා) සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 81ග්‍රෑම් 220ක පමණ තොගයක් , නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

රුපියල පා කර ආර්ථික අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුව වූයේ නුසුදුසු උද්දච්ච පුද්ගලයෙකුයේ ඒකාධිපති තීරණයක් නිසා බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සහාය දුන් තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂයේ අසුන් ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එම්.එස්. තවුෆික් යන මන්ත්‍රිවරු මෙසේ විපක්ෂයේ අසුන් ගත්හ.

Read More

පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී පවැසූ බවත් දැන් විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව එම යෝජනාව කිරීමට සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්රේනමදාස මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

“ජනතාවගේ ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු දෙන්න එපා” යැයි කියමින් ගාල්ලේ නීතිඥවරු පිරිසක් අද (20දා) දහවල් ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.

Read More

රඹුක්කනදී වෙඩි තැබීම සීදු කරනු ලැබුවේ උද්ඝෝෂකයන් පාලනය කළ හැකි සියලු පියවර ගැනීමෙන් පසුව බවත්, කෙසේ වෙතත් රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සහ තමාගේ කණගාටුව පළ කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

රඹුක්කන ප්‍ර දේශයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වු පිරිසකට පොලිසිය විසින් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරිම සිද්ධියට විරෝධය පාමින් නුවරඑලිය ප්‍ර දේශයේ මහ සංඝ රත්නය , සර්ව ආගමික නායකයින් සහ ප්‍ර දේශවාසින් එක්ව (20) දින නුවරඑලිය නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

Read More

ආහාර විෂවිමකින් කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 327 දෙනෙකු ප්‍රථිකාර සදහා අද (20දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

ඇමති මණ්ඩල සංශෝධනයේදී ජ්‍යෙෂ්ටත්වය නොසලකන බව කීවත් පෙර ඇමති තනතුරු දැරූ පිරිසකට ඇමති තනතුරු ලබාදී තවත් පිරිසකට ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයන් පිරිසක් කළකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.

Read More

මේ මොහොතේ මුඛ ආවරණ අවශ්‍යතාව ආපස්සට හැරවීම ඉතා අවදානම් තත්ත්වයක් බව බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ සහ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සස්කියා පොපෙස්කු නිව්යෝක් ටයිම්ස් වෙත පැවසීය.

Read More

මහ බැංකුවලින් සිදුකරන ගැලපුම්වලදී කඩාකප්පල්කාරී අවදානම අවම කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති සඳහා ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි සන්නිවේදනය සහ ඉදිරි මග පෙන්වීම අත්‍යවශ්‍ය බව IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගෞරින්චාස් IMF සහ ලෝක බැංකුවේ 2022 වසන්ත රැස්වීම් අතරතුර පවසයි.

Read More

යුක්රේන ප්‍රහාරය මොස්කව් සිය හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමේදී තෝරාගෙන ඇති උපාය මාර්ගයේ වලංගුභාවය තහවුරු කර ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read More

රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

දිගු කලක් තිස්සේ පවතින ජම්මු සහ කාශ්මීර ආරවුල අවසානයේ විසඳිය යුතු බව රටේ නව අගමැති ෂෙබාස් ෂරීෆ් ඉල්ලා සිටියි.

Read More

රඹුක්කන ඇතිවූ තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

යථාර්ථයට ආපසු යන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නියෝජිතයන්ගෙන් සකාරෝවා වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

Read More

රඹුක්කන අද උදෑසන සිට පැවති විරෝධතාව විසුරවා හැරීමට කඳුලු ගෑස් භාවිත කිරීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුමෙන් පසු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

රඹුක්කනදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.