ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු වැඩිකිරීමට බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය තීරණය කර තිබේ.
ඉන්දියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායම රැස්කළ ලකුණු 252ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreසිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඊයේ (12දා) සිට මෙම මිල වැඩි කිරීම ක්‍රියාත්මක වෙයි.
Read Moreබීජිං, මාර්තු 13 (ෂිංහුවා) - චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වසර දෙකකට පමණ පසු ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (12දා) දිනයේදී චීනයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් 1,807 ක් වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
Read Moreරුපියල මත පීඩනය ඇතිවන පළමු අවස්ථාවේදීම විනිමය අනුපාතය මුදා හැරීමෙන් සරුංගලයක නූල කැඩුනාක් මෙන් රුපියලට සාපේක්ෂව ඩොලරය අහස උසට නගින බවත් ආණ්ඩුව කළේ විනිමය තහංචි පනවා ක්‍රමානුකූලව විනිමය අනුපාතය මුදා හැරීමට කටයුතු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය .
Read Moreවිදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලබාදුන්නාය කියන යෝජනාවෙන් ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන එනම් ඒකක 0 සිට 30 දක්වා විදුලි පරිභෝජනය කරන 1389000 කට ආසන්න පිරිසකගේ විදුලි බිල ආසන්නයෙන් පස් ගුණයකින් වැඩි කිරීමට නියමිත බවද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.
Read Moreඉන්ධන මිළ ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට ගොවීන්ගේ ව්යාපාරිකයන් ගේ පැමිණීම සියයට පනහකටත් වඩා අඩුවීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ලවී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී .ඒකනායක මහතා පැවසීය.
Read Moreමම හිතන්නේ නෑ නාමල්ට දේශපාලනය කරන්න පුළුවන් වෙයි කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේක අවසන් කරන්න හිතන විදිහ අනුව. මම සහතික වෙන්නම් නාමල් රජපක්ෂ කියන තරුණ මන්ත්‍රීවරයා ඔහේ බලාගෙන දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියොත් ඔහුගේ දේශපාලන ගමන අවසන් වෙනවා බැසිල් රාජපක්ෂ ගහන මැච් එක ගහලා ඉවර කරන්න දුන්නොත්. බැසිල් රාජපක්ෂ ගහන මැච් එක නැවැත්තුවොත් ඔහුට අනාගතයත් තියෙයි.
Read Moreරට වේගයෙන් කඩා වැටෙන නිසා ජනාතවගේ බලාපොරොත්තු නැති වෙන්න ඉඩනොදී කරුණු තුනක් පදනම් කරගෙන එළඹෙන සතියේ සිට මේ පාලකයින් පළවා හරින්න, වංචා ¥ෂණයන්ට එරෙහිව ප‍්‍රබල ජනතා උද්ඝෝෂණ පටන් ගන්නේ යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 12දා) කුරුවිට දී පැවසීය.
Read Moreරුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග ඊ ශ්‍රායෙලයේදී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් මෙම සාකච්ඡා පැවැත්වීමට නම් මුලින්ම සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවැසීය.
Read Moreඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කින් ඉහළ දැමීමට ඔවුන් අවසර ඉල්ලා තිබේ. මේ වන විට එම සිලින්ඩරයක මිල රුපියල් 2675ක් වන අතර සිලින්ඩරයක මිල ඉහළ නැංවීමට අවසර දුන හොත් නව මිල රුපියල් 3510ක් බවට පත්වෙනු ඇත.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය සහ ජෙනරාල් ඔගස්ටෝ පිනෝෂේගේ ආඥාදායකත්වයෙන් පීඩාවට පත් චිලියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දකුණු ඇමෙරිකානු රට තුළ ඇතිවූ ඓතිහාසික බලකිරීම ඔහුව ජනාධිපති ධුරය දක්වා ඔසවා තැබීය.
Read Moreඅතේ ගෙනයා හැකි ගුවන් ආරක්ෂක සහ ටැංකි නාශක මිසයිල වැනි භයානක අවි නොසැලකිලිමත් ලෙස යුක්රේනය වෙත භාරදීම බටහිර ජාතීන්ටම තර්ජනයක් වන රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අනතුරු අඟවයි.
Read More’සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය’ යනුවෙන් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වන පණිඩිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පණිවිඩයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයිි.
Read Moreලෝක වෙළෙඳපොළට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීමට සහ මිල ස්ථාවර කිරීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව ජාතික ඉරාන තෙල් සමාගමේ (NIOC) ප්‍රධානියා උපුටා දක්වමින් ඉරාන නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරයි.
Read Moreඉන්දියාවෙන් අහඹු ලෙස එල්ල වූයේ යැයි කියන මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තානය ඉල්ලා සිටියි.
Read Moreශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ ආවේක්ෂණ රාජකාරී වලචදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබු පාර්සල් තොගයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 12 ක වටිනාකමින් යුතු කුස් (kush) නැමති මත් ද්‍රව්‍ය තොගයක්අද (12 දා) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහකාර රේගු අධිකාරී සුදත්ත සිල්වා මහතා පැවසීය.
Read Moreඊශ්‍රායලය යුක්රේනය හෝ රුසියාව වෙත පැමිණීම තනි මතයටම සිදු නොවන්නක් බව කියැවේ. මෑතකදී ඊශ්‍රායල් නායකයා රුසියාවටද ගියේය. එසේම ඔහු යුක්රේන නායකයා අමතමින් කළ ඉල්ලීම පිටුපස සැබෑ ලෙසම සිටින්නේ කවුදැයි යන්න විමසා බැලේ.
Read Moreරටේ තෙල් මිල වැඩිවීමත් සමග මහජනතාව දේශපාලකයින් ප්‍රතික්ෂේප කර ඇත බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවසීය.
Read Moreමධ්‍යම, දකුණ, ඌව හා සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreයුක්රේන කිියෙව් අගනුවර ආසන්නයට පැමිණ ඇති රුසියා සන්නද්ධ හමුදාව මේ වන විට නගරයට කිිලෝ මීටර් 25ක් පමණ දුරකිින් සිටින බව එංගන්ත බුද්ධි අංශ නවතම වාර්තාවක් පවසයි.
Read Moreහෙට (13) දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා 12 කට පැය තුනයි විනාඩි 15 ක් ද, P,Q,R,S,T,U,V,W කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
Read More2022.03.14 දින සිට සියලුම සිසු - සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවිය යුතු බවට අධ්‍යාපන ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා ලිපියක් මගින් අදාල අංශ දැනුම්වත් කර තිබේ
Read Moreශ්‍රි ලංකා නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඉදිරි සති කිහිපයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩිකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් තිබේ. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ (11දා) නිකුත් කර තිබේ.
Read Moreඅපනයන ඉපයීම් දින 180ක් ඇතුළත ලංකාවට ගෙන්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිිබේ.
Read Moreඔක්ටේන් 92 රුපියල් 77කින් නව මිිල රුපියල් 254 ඔක්ටේන් 95 රුපියල් 76කින් නව මිිල රුපියල් 283 ඔටෝ ඩීසල් රුපියල් 55කින් නව මිල රුපියල් 176 සුපර් ඩීසල් රුපියල් 95කින් නව මිල රුපියල් 254 ලෙස ඉහළ දක්වා තිබේ
Read MoreGoogle හි මව් සමාගම වන Alphabet සතු YouTube, යුක්රේනයේ ගැටුම උපුටා දක්වමින්, ලොව පුරා රුසියානු රාජ්‍ය මාධ්‍ය නාලිකා වෙත ප්‍රවේශය අවහිර කරන බව,ත් රුසියාව තුළ එහි වේදිකාවේ සියලු මුදල් ඉපැයීම අවහිර කරමින් සියලු පරිශීලකයන් demonetize කරන බවත් නිවේදනය කර තිබේ.
Read MoreMeta හි නව ’’වෛරී ප්‍රකාශ’’ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පෙර රුසියානුවන්ට ඔවුන්ගේ දත්ත ඉල්ලා සිටීමට හා වෙනත් වේදිකාවන්ට මාරු වීමට රුසියානු නියාමකයන් විසින් දින දෙකක් ලබාදී තිබේ.
Read More