කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ජනපතිධුරය පිරිනමන්නේ උපරිම වශයෙන් දින 30ක කාලයකට පමණක් බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. මෙම පක්ෂ නායක රැස්වීමේදි මූලික කරුණු හතරක් පිළිබඳව පක්ෂ නායකයන් එකඟ වී තිබේ.
01 ජනපති ගෝඨාභය රාපක්ෂ මහතාත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාත් වහාම සිය ධුරවලින් ඉවත්වීම
02 කථානායකවරයා උපරිම වශයෙන් දින 30කට ජනපතිධුරයට පත්විම
03 ඉතිරි කාලය සඳහා පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ජනපති ලෙස තෝරා ගැනීම
04 අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා මැතිවරණයක් කඩිනමින් පැවැත්වීම
මේ පිළිබදව සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා ප්රකාශ කළේ අන්තර්වාර ආණ්ඩුවක් ඉක්මනින්ම පිහිටුවන බවයි.