ජනපති මන්දිරයට පිවිසෙන මාර්ගයට දස දහස් ගණන් ජනතාව එක්රැස්වී විරෝධතා දැක්වීම හේතුවෙන් චැතම් ස්ට්රිට් හි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
කඳුළු ගෑස් ප්රහාර වට දෙකක් එල්ල කළත් එම ජනතාව පාලනය කිරීමට ආරක්ෂක අංශවලට නොහැකිවිය. මේ අනුව පිරිස පාලනය කිරිම වෙනුවෙන් අහසට වෙඩි ප්රහාර කිහිපයක්ද එල්ල කර ඇතැයි වාර්තා වෙයි.
එසේම ජනපති මන්දිරයට පිවිසෙන මාර්ගයට තවත් මාර්ග බාධක දෙකක්ද එක්කර ඇතැයි වාර්තා වෙයි.