තත්ත්වය දරුණු විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමෙන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක පියවරක් ලෙස ඊයේ රාත්රියේදී ජනපති මන්දිරයේ සිට යුද හමුදා මූලස්ථානයට ගොස් ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ජනපතිවරයා සිටින තැනක් මේ වන වන තෙක්ම තහවුරු වී නොමැත. මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් ප්‍රභූන් පිරිසක් රැගෙන යන අයුරු හා ඉහළ ආරක්ෂාවක් සහිතව වාහන කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ දක්වා ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.