saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 5668 hours ago

LATEST

බවුසර්වලට දෙන ගාස්තු ඉහළට - වර්ජනය නවතී

calendar_today 2022 මාර් 16 - 16:08 remove_red_eye - 523  

ඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව, ඉහළ දැමීමට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පොරොන්දු වූ බවත්, මේ අනුව සිදුකළ වැඩ වර්ජනය අද (16දා) දහවල් නවතා දැමූ බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණරත්න සමත්විය. ඒ නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියේදී ශතකයක් සමගින් ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන බල අංගනය හදිසි නිරීක්ෂණයකට එක්වී ඇත.

Read More

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ මෙගාවොට් 35ක ධාරිතාවය නොබෝ දිනකින් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ නිල විදේශ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 274.9ක් බවට පත්ව තිබේ. එම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 264කි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22දා පැවැත්වීමට අද (16දා) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

චීනය සමග යුද්ධයක් ඇතිවීමට ඉඩක් ඇති බවට ඔස්ට්‍රේලියාව ප්‍රකාශ කිරීමත් සමග ඇමෙරිකාවේ සෙබලුන් දහස් ගණනක් ඔස්ට්‍රේලියාවට පිටත් කර හැරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දීය සංචාරයකට එක්ව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (16දා) නවදිල්ලියේදී හමුවිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීමේදී ආණ්ඩුවට රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවට පිළි ගන්නේ නම් වඩාත් යහපත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

ප්‍රමාණවත් තරම් ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලිට්‍රෝ මෙන්ම ලාෆ්ස් ගෑස් ගෘහස්ත පරිභෝජනය වෙනුවෙන් ගෑස් නිකුත් කිරීම නවත්වා තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්මුතිය ඉදිරියට පවත්වාගෙන යාමට ජනපතිවරයා අපොහොසත් වී ඇති බවත් ආණ්ඩුව බලයට ගෙන ආ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ පැවැසූහ.

Read More

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම අභියෝගයකට ලක්ව ඇති බවත් ඒ අනුව ඖෂධ නොමැති වීමෙන් සිදුවන සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාර ගත යුතු බවත හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

රුසියාව විසින් යුක්රේනය ආක්රැමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා තම රටට ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 383) කට වඩා වැඩි හානියක් සිදුවී ඇති බව යුක්රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිහාල් පවසයි.

Read More

බඩඉරිගු වගාව හා කිරි ගව පාලනයට ඉඩම් යොදා ගැනීමේ දී අවශ්‍ය වන පාරිසරික ඇගයීම් වාර්තා නිකුත් කිරීමේ දී පවතින ප්‍රමාදය වහාම අවසන් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ව්‍යාප්තවීමත් සමග චීනය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා දිනයේදී චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 3500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර එය වසර දෙකක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

Read More

සතියකට පමණ පසුව ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහළ අගයක් වාර්තා වී තිබේ.

Read More

මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට ප්‍රථම වරට නිකුත් කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඊයේ (15දා) පියවර ගන්නා ලදී.

Read More

ජෝ බයිඩන් ඇතුළු එක්සත් ජනපද නායකත්වයට මෙන්ම පෙන්ටගනයේ සහ සීඅයිඒ ප්‍රධානීන්ට එරෙහිව මොස්කව් සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

හෙට දිනයේදීී රාත්‍රී 8.30ට ජනපති ජාතිය ඇමතීමට නියමිත අතර එය ජනතාවට බලා ගැනීම වෙනුවෙන් රාත්‍රී 8.00 සිට 9.30 දක්වා දිවයිනේ විදුලිය කප්පාදුවක් සිදු නොකරයි.

Read More

ටෙස්ලා-ස්පේස්එක්ස් ප්‍රධානියා, යුක්රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සමග ගැටුමක් සඳහා චෙච්නියානු නායකයාගෙන් උපදෙස් ලබාගෙනලු.

Read More

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මහනුවර පැරණි රජ මාළිගා සංකීර්ණය ඇමරිකානු රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ .

Read More

සෞදි අරාබිය විසින් අපනයනය කරන ලද තෙල්වලින් හතරෙන් එකක් චීනය මිලදී ගනී. එයින් අදහස් වන්නේ එම ගනුදෙනු යුවාන්වලින් වෙන් කිරීම චීන මුදලේ ජාත්‍යන්තර පැතිකඩ සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවයි.

Read More

සීගිරියේ විදේශීය සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භ වීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පවසති.

Read More

ඔටාවා, වොෂිංටනය අනුගමනය කරමින්, ’’රුසෝෆෝබික්’’ (රුසියානු විරෝධයක්) ප්‍රවර්ධනය කිරීම හමුවේ, කැනඩා ජනපති ටෘඩෝ සහ කැනේඩියානු නායකයන්ට රුසියාව සම්බාධක පනවයි.

Read More

ඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව, ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (15දා) තෙල් සංස්ථා බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් අද (15දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඊශ‍්‍රායලය යුක්‍රේනියානුවන්ට එරටට ඇතුල්වීම සීමා කිරීමෙන් පසු ටෙල්අවිව් වෙත කියෙව් පාලනයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.

Read More

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව මුහුණ දුන් බවත් චෝදනා වලට තර්කානුකුලව කරුණු ඉදිරිපත් කර ඒවා පැහැදිළි කරගැනීමට හැකිවූ බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

Read More

ජනතාව පෝලිම්වල දුක් විදින්නේ මිනිසෙක් ඇති කළ අර්බුදයක් නිසා බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනයක් ආවම නාමල්ටත් රාජ්‍ය ඇමතිකමක් හරි තව මොකක් හරි දෙනවා. අධීක්ෂණ ඇමති කියලා මොකක් හරි දෙනවා. ඒ කියන්නේ මේ සෙන්සර් එක අවුල්. මම නාමල් නම් කියනවා එපා කියලා. ජනාධිපතිතුමාගේ සෙන්සර් එක අවුල්. එතුමාට ඒ වෙනකොට දැනෙන් නෑ ආන්ඩුව බාහිර පෙනුමයි මේ සවුත්තු වෙන්නේ. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉන්නවා. ඔක්කොම අධීක්ෂණය කරන්න මේ තරුණ නාමල් රාජපක්ෂ ඇමතිවරයට දෙනවා. ඒක දැන හෝ නොදන නාමල් රාජපක්ෂ ඇමතිතුමා අමාරුවේ දාන වැඩක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.