නාගරික ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ නාගරික සවංර්ධන අධිකාරියට අයත් අක්කර 782 ක් වගා කිරීම සඳහා හඳුනා ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙම ඉඩම්වල වගා කිරීම කඩිනමින් ආරම්භ කරන්නැයි ඇමතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
දිවයින පුරා සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ඉඩම් පිහිටා ඇති අතර ඒවා ඉඩම් අක්කර 01 සිට 400 දක්වා ප්‍රමාණයන්ගෙන් සමන්විත බවත් ඒ ඒ ප්‍රදේශවලට ආවේණික බෝග හඳුනාගෙන එම ඉඩම්වල වගා කරන ලෙස ද ඇමතිවරයා බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
ඇමතිවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව එම අධිකාරියේ ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවකදීය.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රයෝජනයට නොගත් නාගරික ඉඩම්වල වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී පෙන්වා දුන් ඇමතිවරයා එමඟින් ජනතාවට සහනයක් සැලසීමට හැකිවනු ඇතැයි ද පැවසීය.