මැයි 09 දා ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක ඇතුළු 12ක් ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
එසේම ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු, ඩෑන් ප්රියසාද් ඇතුළු පුද්ගලයන් 4ක් යළිත් එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.