විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක තහනම් ඉවත් කිරීමට රජය මැදිහත් වන ලෙස බල කරමින් දෙදහසකට ආසන්න හෝටල් සේවකයන් පිරිසක් මහනුවර නගරයේ දී අද (08දා) මහනුවර නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි .
මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන පෙළේ හෝටල් 18ක කළමනාකාරිත්වය ඇතුළු සෙසු සේවකයන් සහභාගිවූ මෙම උද්ඝෝෂණය මහනුවර සුවිස් හෝටලය අසලින් ආරම්භ වි වැව රවුම ඔස්සේ මහනුවර නගරයට පැමිණ දළදා වීදියේ දී විරෝධතාවයේ යෙදෙන්නට විය.
එහිදී මහනුවර හෝටල් සේවිකාවක වශයෙන් රාජකාරි කටයුතු සිදුකරන ඇලිස්ත්රිසියා නැමැති රැසියානු ජාතික විසිපස් හැවිරිදි තරුණිය සියලු රුසියානු ජාතිකයන් ගෙන් ඉල්ලා සිටියේ දෙරට අතර ඇතිවූ අර්බුදය මේ වන විට විසඳී ඇති බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටසියලු රුසියානු ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මහනුවර හෝටල් සංගමයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ සංචාරක කර්මාන්තය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ලක්ෂ 30කට ආසන්න ජන කොටසක් සෘජු සහ වක්‍ර වශයෙන් ආදායම් ලබමින් සිටින බවත් මේ වනවිට ඔවුන්ගේ එම ආදායම් සියල්ලක්ම අහිමි වී තිබෙන බවයි . එසේ හෙයින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබෙන බවයි .
ෂේන් සෙනෙවිරත්න



