ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය මාස හයකට පමණ පසු ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. බ්ලූම්බර්ගු පුවත් සේවය පෙන්වා දෙන්නේ ආසියාන නිෂ්කාශන සංගමයක් යටතේ ඉන්දියාවට ගෙවිය යුතු ගෙවීම් කල් දැමීම නිසා මෙසේ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බවයි.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, අප්‍රේල් මාසය අගදී ඩොලර් බිලියන 1.81 සිට මැයි අග වන විට ඩොලර් බිලියන 1.92 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මෙම සංඛ්‍යාවට චීනයේ මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.5කට සමාන මූල්‍ය හුවමාරු පහසුකමක් ඇතුළත් නමුත් එය කොන්දේසි හේතුවෙන් භාවිතය ගැනීම දුෂ්කර වී තිබේ.