පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිර යාම වැලැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියළු පාසල් වල සුපරික්ෂාකාරී කමිටු පිහිටුවීමට තීරණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරියට පසුගිය සිකුරාදා (28) උපදෙස් දුන්නේය.
පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට ඇමැතිවරයා උපදෙස් දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දීම සිදු කෙරුණි.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්ක බවට පත්ව තිබෙන බවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා ‘‘ පසුගියදා පැවැති අරගලය නිසා රටේ ජනතාවගේ විනය නැති වුණා. අරගල තිබුණ එකෙන් මේ වනවිට රටේ අපරාධ වැඩි වෙලා.
නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා‘‘ඔව් ඒ ඔස්සේ අපරාධ වැඩි වී තිබෙනවා.”
ඇමති ප්‍රසන්න රණතුංග මහතා ‘‘ ඉක්මනින් පාසල්වල මේ සුපරික්ෂාකාරී කමිටු නැවත පිහිටුවන්න. මම අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් ඒ ඉල්ලීම කරලා දිවයිනේ සියළුම පාසල් වල මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කීරීම සඳහා මැදිහත් වෙන්නම්.”