ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් යටතේ කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා ඉඩම් අක්කර ලක්ෂ ගණනක් ඇති බැවින්එම ඉඩම් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් තරුණ තරුණියන්ට හා ගොවි ව්‍යවසායකයන්ට ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් දිනේශ් ගුණවර්ධන මහතා පවසයි .
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් සහ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පැවති විශේෂ සාකච්ඡාවක දීඅගමැතිවරයා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.
“රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීමේ තීරණයක් ගෙන ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතිනවා. ඉදිරියේදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා .
මේ වනවිටත් කන්තලේ සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කර 20,000ක් ඒ අයුරින් දෙවසරක් සඳහා බදු පදනම මත ලබාදී තිබෙනවා .
ලෝක ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් දැඩි පීඩාවට පත්ව තිබෙනවා . නමුත් කිසිදු ආකාරයකින් මහජනතාව කුසගින්නේ නොතැබීමට සහ මන්ද පෝෂණයට ලක් නොවීමටඅප වග බලා ගන්නවා.
අධිරාජ්‍යවාදී පාලනය නිසා කන්ද උඩරට පදිංචිකරුවන් දැඩි පීඩාවට ලක්වුණා . උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, හදබිම අධිකාරිය වැනි ආයතන ක්‍රියාත්මක වූයේ ඔවුන්ට සහන ලබා දීමටයි .කන්ද උඩරට හස්ත කර්මාන්තය හා ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් විය යුතු”යැයිදඑහිදී අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ෂේන් සෙනෙවිරත්න