තිහගොඩ නායිම්බල දී 14 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි වැදී තුවාල සිදු වීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මාතර ප්රධාන මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ තිහගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක ගමගේ නැමැත්තෙකි. වෙඩි වැදීමෙන් තුවාල වු සිසුවා මේ වන විට කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි. එම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කල උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇත.