saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5991 hours ago

LATEST

බස් ගාස්තු සියයට 22 කින් ඉහළට

calendar_today 2022 ජුනි 30 - 11:32 remove_red_eye - 505  

බස් ගාස්තු අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පවසයි .

බදුල්ල මහ රෝහලේ ළමා, ශල්‍ය, පිළිකා, .නාරි හා ප්‍රසව ,ස්නායු, හෘද , විකලාංග යන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරු හා තවත් වෛද්‍යවරු පිරිසක් මේ දිනවල ඉන්ධන හිගයට පිළියමක් ලෙස පාපැදිවලින් රාජකාරියට පැමිණෙති.

Read More

තෙල් මිලදී ගැනීම් සඳහා සහයෝගීතාව ලබා දෙන ලෙස ඉල්ලමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.

Read More

හමුදාව සහ පොලිසිය මේ සටනේදී ජනතාව සමග සිට ගන්නා දිනය වැඩි ඈතක නොවන බවත් , මේ ආණ්ඩුව පලවා හරින්න සූදානම් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(29දා) පස්වරුවේ පානදුර දී පැවසීය.

Read More
22 ගැසට් කරයි
30 06 2022 09:50:00
0 619

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊයේ (29දා) මෙසේ එම පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහි පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා ඇසුරුම් කළ දිනය කල්ඉකුත් වන දිනය නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය ආනයනය කරන ලද භාණ්ඩයක් නම් ආනයනකරුගේ විස්තර මුද්‍රණය කිරීමෙන් හෝ ගැලවිය නොහැකි ලේබලයක් මඟින් සටහන් කර තිබීම අනිවාර්යය කරමින් පාරිභෝගික කටයුත පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නේටෝවේ ආසියා-පැසිෆික් අනුවාදයක් පිහිටුවීමේ ඕනෑම උත්සාහයක් ගෙන එන්නේ තවත් කැලඹීමක් පමණක් බවට බීජිං පරිපාලනය අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකාවේ චින තානාපති චී ෂෙන්හොන් මහතා හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් ඊයේ (29දා) කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී සිදුව තිබේ.

Read More

දැනටමත් මෙම සම්බාධක, කොවිඩ්-19 බලපෑමට ලක් වූ ගෝලීය ආර්ථිකයේ ප්‍රකෘතිය අඩු කර ඇති අතර, ගෝලීය සැපයුම් දාමය සහ බලශක්ති ආරක්ෂාව නරක අතට හරවා තිබේ.

Read More

ලාංකිකයන් මෙි ගෙවමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (29) පැවසීය.ඉන් පසුව එළැඹෙන කාලය මීට වඩා ක්‍රම ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

මෙම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා දරුවාට හානියක් සිදුකර නොමැති අතර, වෙඩි තැබීමෙන් පසුව සැකකරු පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

ඩීසල් මෙට්‍රික් ටොන් 11000යි, දැවි තෙල් මෙට්‍රික් ටොන් 30000යි ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 800යි, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000යි

Read More

මෙම මස මුලදී මොහොමඩ් නබිතුමා පිළිබඳ ප්‍රකාශය නිසා දේශීය හා ජාත්‍යන්තර කෝපයට හේතුවූ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රකාශිකාවට සහාය දක්වන සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් වින්දිතයා මීට පෙර රඳවාගෙන සිටි බවද කියයි.

Read More

ඊශ‍්‍රායල අගමැති නෆ්තාලි බෙනට් විසින් සිය යමිනා පක්‍ෂයේ සාමාජිකයින්ට පැවසුවේ මීළඟ මැතිවරණයේදී තමන් නැවතත් තරග කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

Read More

ශ්‍රී ලංකාවට ඩීසල් තොග රැගත් නැවක් නැවත වරක් පැමිණීමට නියමිතව ඇත්තේ ජුලි මස දෙවැනි සතියේදි පමණ බව ඉන්ධන සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුවේ සභාපති මෙන්ම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කියයි.

Read More

අද මේ වන විට මෙරට මෙවන් විනාශකාරී තත්ත්වයකට පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබා දුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්නේ ශක්‍ර දේවයන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමියෝ පැවසීය .

Read More

දුම්රිය සේවකයින්ට සේවා ස්ථානයට පැමිණීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම මත ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත් දුම්රිය අවලංගු වියහැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

Read More

නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස නැවතත් පත් කරන ලෙසට නිර්දේශ කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 2.5 කිලෝමීටර් කණුව ආසන්නයේ රක්ෂිතයට යාබද වෙල් යායක ඉතා සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ගෝඩා මිලිලීටර් නව ලක්ෂ හැටදහසක් නීති විරෝධී මත්පැන් මිලිලීටර් තිස් තුන්දහසක් උපකරණ තොගයක් සමග පුද්ගලයකු අද (29දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඇති කිසිම රථයකට ඉන්ධන නොමැති බව එහි ප්‍රවාහන අංශයේ සේවකයෝ පවසති.

Read More

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Read More

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා පත් කර කිබේ.

Read More

මොරටුව කටුබැද්ද හන්දිය අසල සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තිබේ.

Read More

බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපස ,දෙයියන්නෙවෙල මාර්ගයේ දී සහල් පැටවූ ලොරි රථයක් අද (29දා) දහවල් ගිලාබැසීමට ලක්විය . පිටපසු රෝද 2ක් ගිලාබැසීමට ලක්වීමත් සමග බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ලොරි රථය පෙරලීම වලක්වා සහල් තොගය ඉවත්කිරීමට සමුපකාරය කටයුතු කළේය .

Read More

මන්නාරම් මුහුදු තීරයෙන් නීතිවිරෝධීව මුහුදු මගින් යාත්‍රවක් ඔස්සේ ඉන්දියාවට ගිය වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිහිමුර්ජා වී රාමේෂ්වරම් ධනුස්කොඩි මුහුදු වෙරලේ වැටී සිටියදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (28දා) දින බේරාගනු ලැබීය.

Read More

නීතිවිරෝධී අයුරින් ශ්‍රීලංකා මුහුදු සීමාවේ සිට විදෙස් රටවලට සංක්‍රමණය වීමට ගත් පුද්ගලයින් 500 කට අධික පිරිසක් මේ වසරේ ගතවූ මාස 06 ක කාලය තුලදී නාවික හමුදා භාරයට ගෙන නීතිමය පියවර ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

චීනය විසින් ප්‍රදානය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාර දෙනු ලැබිණි.

Read More

වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (29දා) උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ .

Read More

එළඹෙන මහ කන්නයට ජලය ලබා දීමට වැව් 20 ක් කඩිනමින් සංවර්ධනය කෙරේ. ඉන් වැව් 11 ක් ජලය මුදා හැරීමට දැනට සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇති අතර ඉතිරි වැව් 9 හි සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ ඉන්ධන නිකුත්කරනු ලැබූ අම්බලන්තොට ඉන්ධන පිරවුම්හල් දෙකක දැඩි පෝලිම් දක්නට ලැබිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.