saravita-anim2

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2026 ජනවාරි මස 25 වන ඉරිදා

Latest News - timelapse 5690 hours ago

LATEST

අඩු ආදායම්ලාභීන් සඳහා බිලියන 200ක්

calendar_today 2022 ජුලි 01 - 17:02 remove_red_eye - 444  

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ මැනිං වෙළදපොළ ඇතුළු අනෙකුත් පළාත් වල ආර්ථික මධ්‍යස්ථාන වෙත දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට නුවරඑළිය ශ්‍රී ලංකා 3 වන සිංහ රෙජිමේන්තු යුද හමුදා කඳවුරෙන් ඩිසල් ඉන්ධන නිකුත් කිරිම (01දා) සිට ආරම්භ කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.

Read More

ආහාර පාන මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම නිසා හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට පනහකින් පමණ අඩු වී ඇති බවත් ජනතාව හෝටල් සහ ආපන ශාලාවලට පැමිණ වතුර වීදුරුවක් හෝ වීදුරු දෙකක් බී කෑම දිහා බලා යන ප්‍රමාණය වැඩිවී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

Read More

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි මහතා ජනාධිපති සමග පවසයි.

Read More

හිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා මහතා අද(01දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

Read More

කළුතර සෞඛ්‍ය නිලධාරීයෙක් පැදවූ මෝටර් රථයකට අද(01දා) සිවිල් ආරක්ෂක බළකා නිළධාරියකු ගැටීමේ සිද්ධියක් මුල් කරගෙන සෞඛ්‍ය නිලධාරීයාට නාස් පොල්ල පුපුරායන ලෙස හෙල්මටයකින් පහර දුන් බව කියන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ පවත්වන බව කළුතර දකුණ පොලිසිය පවසයි.

Read More

දුම්රිය සේවකයන් සේවය සඳහා වාර්තා කිරීමේ නොහැකියාව මත හා දුම්රිය ප්‍රමාද වීම් හා අවලංගු වීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් මේ හේතු පදනම් කර ගනිමින් දුම්රිය භාවිතා කිරීමට පැමිණි ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කලහාකාරී ලෙස හැසිරෙමින් සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ගැටළු හේතුවෙන් කඩාවැටීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

Read More

ගාලු කොටුව ඉන්ධන පිරවුම්හල අසළ විරෝධතාවක් අද (01දා) උදෑසන ආරම්භ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩි කර තිබේ.

Read More

ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන් හට තම සේවා ස්ථානයට පැමිණීමට නොහැකි වීම මත දුම්රිය ගමන් වාර 26 ක් අද (01දා) අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වීමත් සමග තරඟයෙන් ඉවත් වී තිබේ.

Read More

මොනරාගල නගරයේදී ත්‍රීරෝද රථයක පටවා තිබූ සහල් කිලෝ 25 සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබලෙකු පෙරේදා (30) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 1 1/2 ක් සොරා ගත් බව කියන කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු නොර්වුව් පොලීසිය සහ හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක් මගින් ඊයේ (30දා) අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය. මෙම සමීක්ෂණයේ මංගල මත විමසුම සිදුකළ ගෙවුණු ජනවාරි මාසයේ දී, එම මට්ටම 10%ක් විය.

Read More

අරලගංවිල, වාලමණ්ඩිය වනාන්තර ප්‍රදේශයේ යුද හමුදා කණ්ඩායමක් පුහුණු අභ්‍යාසයක නිරතව සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා නිවේදනය කළේ තවත් ජාතීන් දෙකක් වන ආර්ජන්ටිනාව සහ ඉරානය මෙම කණ්ඩායමට සම්බන්ධ වීමට ඉල්ලුම් කර ඇති බවයි.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතික අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read More

යුක්රේනය ආශ්‍රිත බටහිර සම්බාධක හේතුවෙන් තාක්ෂණික ගැටළු උපුටා දක්වමින් ජූනි 14දා රුසියානු ගෑස් අපනයනකරු Gazprom Nord Stream නල මාර්ගය හරහා ජර්මනියට සැපයුම් 60%කින් කපා හැරියේය.

Read More

ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2022 මැයි මාසයේ පැවති 57.4 සිට ජුනි මාසයේදී 80.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.

Read More

බර්නි එක්ල්ස්ටෝන් එක්සත් රාජධානියේ රූපවාහිනියට පැවසුවේ තමා ව්ලැදිමීර් පූටින් වෙනුවෙන් ’උණ්ඩයක් ගන්නා’ බවයි.

Read More

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read More

මේ වනවිට උග්‍රවී ඇති විරැකියාව, උද්ධමනය, දල දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ඉහළ ණය සේවා අනුපාතයන් මෙන්ම, රොකට් ගසන ගෑස් සහ තෙල් මිල වැනි පිලිපීනය වටකරමින් සිටින ගැටලු රැසකට මාකෝස් පරිපාලනය විසඳුම් ලබාදීමට සිදුවනු ඇත.

Read More

අද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව හරහා හසු වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑතකදී වාර්තාගත ඉහළම මට්ටමට පැමිණ තිබේ.

Read More

වගා සංග්‍රාමය සඳහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගත යුතු බවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කටාර් චරිටි අරමුදල වෙත ලංකාව පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට කටාර්හි සංචාරයක නිරත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචින විජේසේකර මහතා එම අරමුදලේ පරිපාලනය වෙත දන්වා තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇති බවට වාර්තා වන පුවත් අසත්‍ය බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට මත්තෙන් එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් දින 3කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මහතා ඊයේ (29දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.

Read More

ආධුනික ගුවන් හමුදා පුහුණු සෙබළාගේ සිරුර අද (30දා) දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්‍රයේ ළිඳකින් හමු වූ බව දියතලාව ගුවන් හමුදාව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.