තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්‍රණ නීතීීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් ඇප මත මුදාහැරීමට අද (28) නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය බාරදීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් 30,000/- බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 01 1/2 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.
වර්ෂ 2010ක් වූ නොවැම්බර් 22 දින සිට ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියග් 44000/-ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකකන බිල රාජ්‍ය මුද්‍රණ නීතීීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
අධිකරණයෙන් මීට පෙර අවස්ථාවක නිකුත් කරන ලද සිතාසියකට අනුව විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර ඒ අවස්ථාවේදී අදාළ චෝදනා පත්‍ර ඔවුන්ට බාර දුන්නේය.
විත්තිකරුවන වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙනන් නිකුත් කරන ලද සිතාසියකට අනුව මෙහි පැමිණී තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් විත්තිකරුවන්ට ඇප මත මුදාහැරීමට නියම කොට ඔවුන්ගේ ඇඟිිිලි සළකුණු ලබාගැනීීමට නියම කළ විනිිසුරුවරයා වැඩිදුර විභාගය සඳහා නඩුව යළි කැඳවීමටද නියම කළේය.
අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථවක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩුු පැවරූ අතර ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මහාධිකරණය විසින් පිළිගනිිමින් දුන් නියෝගයකට ඔවුන් දෙදෙනා නිදහස් කෙරිණී.
නිසි ආකාරයට යළි නඩු පැවරීමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙලස යළිත් වරක් නඩු පවරන ලදී.