ලිට්රෝ සමාගම පවත්වාගෙන යාම වෙනුවෙන් මහ භාණ්ඩාගාරය ලබාදුන්, ලෝක බැංකුවෙන් ආධාර ලෙස ලද ඩොලර් මිලියන 70ක මුදල නැවත මහ භාණ්ඩාගාරයට ගෙවීම ආරම්භ කළ බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ඒ මහතා සඳහන් කළේ, ලෝක බැංකුවෙන් ආධාර ලෙස ලැබුණ මුදල මීට මාස කිහිපයකට පෙර මහ භාණ්ඩාගාරයෙන් ලිට්රෝ සමාගමට ලබාදුන් බවයි. එම මුදල රුපියල් බිලියන 26කට ආසන්න මුදලක් බවද හෙතෙම කීවේය.
ඒ අනුව අද (28දා) දිනය වනවිට රුපියල් බිලියන 6.5ක් ගෙවූ බවත්, ලැබෙන මුදල් නිවැරදිව කළමනාකරණය කිරීම හේතුවෙන් සුළු ලාභයක් ලැබීමටත්, ගෑස් මිල අඩු කිරීමටත්, ණය ගෙවීමටත් හැකියාව ලැබී ඇති බවත් සභාපතිවරයා ප්රකාශ කළේය.
එසේම ඔක්තෝම්බර් මාසය වනවිට තවත් රුපියල් බිලියන 8ක් ගෙවීමට බලාපොරොත්තු වන බවත්, දෙසැම්බර් මාසය වනවිට රුපියල් බිලියන 26ම ගෙවා අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.