saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5313 hours ago

LATEST

දැඩි නියඟයෙන් සෝමාලියාව ඇතුළත බිහිසුණු තත්ත්වයක්?

calendar_today 2022 ජුනි 01 - 22:42 remove_red_eye - 321  

දැඩි නියඟයක් මධ්‍යයේ සෝමාලියාවේ දරුණු, බිහිසුණු තත්ත්වයක් ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවයි

ලංකා විදුලිබල මණ්ඩලය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 සහ 2019 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව මෙහිදී විමර්ශනය කිරීමට නියමිතය.

Read More

යුරෝපා සංගමයේ ඒකාබද්ධ ආරක්ෂක ප්‍රතිපත්තියට සම්බන්ධ වීමට ඩෙන්මාර්කය ජනමත විචාරණයකට යයි.

Read More

දිල්ලිහි පැවැත්වෙන මහජන රැළියක් ඇමතීමටත් ඉන්දීය හින්දු හා බෞද්ධ සිද්ධස්තාන වන්දනාමාන කිරීමට පැමිණෙන ලෙස තමන් ශ්‍රි ලංකා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනා කිරිමට තිරණය කළ බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

Read More

ඊසානදිග බ්‍රසීලයේ පර්නාම්බුකෝ ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අගමැතිවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව සඳහන් කරමින් පක්ෂ 9 එකමුතුව විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ..

Read More

2022.03.31 සහ 2022.05.15 යන අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බස් රථ ධාවනය සඳහා අවශ්‍ය අවශ්‍ය ඩීසල් නිසි පරිදි නොමැතිවීම හේතුවෙන් සියලුම පෞද්ගලික බස් රථ ලබන සඳුදා (6) සිට ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

Read More

ඉන්ධන මිල ඉහළ දැමූවද තවමත් පෙට්‍රල් ලීටරයකින් රුපියලක් රජයට පාඩු වන බවට බල ශක්ති අමාත්‍යවරයා පැවසීමෙන් අනතුරුව, අනුරාධපුර නගරයේ තරුණයන් පිරිසක් අනුරාධපුර ඉන්ධන පිරවුම්හල් අසල කැටයක් තබා ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන අයගෙන් රුපියල බැගින් එකතු කරන ලද මුදල, තැපැල් මාර්ගයෙන් (මනිඕඩරයක්) අමාත්‍යවරයාගේ නමට යැවීමට ඊයේ (31දා) කටයුතු කළහ.

Read More

සියලුම වර්ගයේ මත්පැන් වල මිල අද (01දා) සිට ඉහළ දමා ඇති බව DCSL සමාගම සඳහන් කරයි.සියලුම දේශීය සිගරට් වර්ග වල මිල ද අද (01දා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ද වාර්තා වේ.

Read More

බණ්ඩාරගම අටුලුගම 09 හැවිරිදි දැරියක් කෘෘර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු යළිත් 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියේාග කළේය.

Read More

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බැවින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හරහා තමන් උපයන විදේශ විනිමය රටට ලබාදෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය සාමකාමී උද්ඝෝෂණයට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු 11ක් යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් අමාත්‍යධුර ලබා ගන්නා පිරිස පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

ප්‍රදේශ රැසකට බල පෑ තද වැසි සහ සුළං සහිත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 2,672 කට අයත් 12,326ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කළේය.

Read More

ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුස්න රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තික්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්

Read More

වගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මොණරාගල ඇතැම් පුද්ගලයින් ඊයේ (31දා) සහ අද (01දා) තුළ උත්සාහ දරමින් සිටින බව වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

කන්දෙ විහාරයේ භාරකාරිත්වය යටතේ සිටින මුතු රාජා නැමැති හස්තියා මේ වන විට රොගාතුරව සිටින බවත් මෙම හස්තියාට වගකිවයුතු වෛද්‍යවරයෙක් විසින් ප්‍රථිකාර නොකලහොත් හස්තියාගේ තත්වය බරපතල විය හැකි බව පාරසරික හා සංසකෘතික අධ්‍යන මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව ජාසිංහ මහතා පැවසිය.

Read More

අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් සොයමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවර්ධන පුර රෝහල වෙත ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් මේ වන විට ජයවර්ධනපුර රෝහලට ගමන් කරමින් සිටින බවද වාර්තා වෙයි.

Read More

හෝමාගම පිටිපන අති සුඛෝපභෝගී නිවසක සිවිලිමක් තුළ නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුකළ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (31දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

Read More

HS ඛේත 369ක භාණ්ඩ ආනයන කිරීමට පනවා තිබූ බාධා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අදාල භාණ්ඩ ජුනි 01 දා සිට ආනයනය කිරීමට අවසර ලැබෙන නමුත් ඒ වෙනුවෙන් පනවා ඇති බදු, රෙගුලාසි හා රීති තවදුරටත් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

රටම අසරණ වී සිටින මෙවන් අවස්ථාවක ඉන්දියාවෙන් දුන් සහනාධාර මල්ල බදාගෙන දේශපාලනය කිරීමට නොයන ලෙස ජීවන් තොණ්ඩමන් මහතාට තරයේ කියා සිටින බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පවසයි .

Read More

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මත මෙම ශාලාව, විභාග ශාලාවක් ලෙස තෝරාගැනීමත් වැසි සහිත අවස්ථාවක ක්ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දිනැම් දී තිබේ.

Read More

යුද හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අද (01දා) උදෑසන එම ධූරයේ වැඩභාරගත්තේය.ඔහු 24වන යුද හමුදාපතිවරයා වෙයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල පිළිබඳව හෙට දිනයේදී තින්දුවක් ගැනීමට නියමිතව තිබේ.

Read More

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

මෙම වසරේ ගත වූ මාස පහ තුල පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් HIV-ඒඩ්ස් වෛරසය ශරීරයට ඇතුළු වී එච්.අයි.වී. ආසාධිත වූවන් 13 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ලිංගික සෞඛ්‍ය සේවා පිළිබඳ අනුරාධපුර මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය සඳහන් කරයි.

Read More

පවතින ධාරානිපාත වර්ෂාව නිසා ගිංගඟ පිටාර ගැලීමෙන් හිනිදුම ප්‍රදේශයේ මාර්ග සහ නිවාස ජලයෙන්යටවී ප්‍රදේශවාසීහු දැඩිපීඩාවට පත්වී සිටිති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.