ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් කිසිදු යටි අරමුණකින් තොරව චීන රජය නිරන්තරයෙන් උදව් උපකාර කරන බව ශ්‍රී ලංකාවේ චීන වැඩබලන තානාපති හු වෙයි මහතා පවසයි.
අකුරණ සහ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අඩු ආදායම් ලාභී පවුල් 1600ක් සඳහා වියළි සලාක බෙදා දීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ඒ මහතා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.
"වසර 1600 ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම චීන රජයේ අපේක්ෂාවයි. පසුගිය වසරේ පමණක් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් දස දහසක්, ඩීසල් ඉන්ධන තොගයක්, ඖෂධ, පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ආදිය පරිත්‍යාග කොට තිබෙන බවත් ඉදිරියේදී තවත් එවැනි පරිත්‍යාග සිදු කිරීමට බලාපොරොත්තු වනවා" බවද චීන වැඩබලන තානාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් යන මහත්මියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
ෂේන් සෙනෙවිරත්න